Tuesday, December 22, 2009

ෆොන්සේකාගේ මහා (හෙන පට්ට සයිස්) පාවාදීම - අංක 2


පුලස්තිට ආයෙත් හිතුන ඔන්න ෆොන්සේකාගෙ පාවාදීම ගැන ලියන්න.මේක හෙන ආතල් ටොපික් එක.නිකම් කල්පනා කර කර ඉන්න කොට මරු මරු අයිඩියා හිතට නැගෙන්නෙ මදුරු කොයිල් එකකින් දුම් වලලු පිට වෙන්න වගේ.
මොනා උනත් මේ පුරස්නෙ ගැන හිතල පුලා මේ ටිකේ ඩිප්‍රෙස්ඩ්.මොකද තේරෙන්නෙ නැති සීන් ගොඩක් මේ සිද්ධියේ තියෙන හින්ද.

1.ෆොන්සේකා බොස් කරපු පාවාදීමේ ප්‍රකාසෙද මොකක්ද එක උන්නැහෙ කලේ නැහැ කියල දැන් උන්නැහෙ කියනව.ඒ කියන්නෙ උන්නැහෙ ඒක නිවැරදි කොරාලු.
දැන් නිවැරදි කොරපු එකක් ආන්ඩුව ආයි ආයි හෝද හෝද මඩේ දාන්නෙ මොකටෙයි?
ආන්ඩුවනෙ මේකට පට්ට පබ්ලිසිටිය දෙන්නෙ.ආන්ඩුව ඕකට දුන්න පබ්ලිසිටිය හින්ද තමයි පුලත් ඔහොම සීන් එකක් දන්නෙ.මොකද පුලාට ලීඩර් එක කියවන්න කඩ්ඩ දන්න එකක් ඇයි.
ජාත්‍යන්තර කුමන්ත්‍රනකාරයොන්ට රටට තොන්ඩුව දාන්න නං ඕනෙ ඒකට හෙන පබ්ලිසිටියක් දීල ප්‍රචාරෙ කොරන්නෙ ආන්ඩුව නෙව.ප්‍රකාසෙ නිවැරදි කොරල තියෙද්දිත් ආයි ආයි පෝස්ටර් ගහමින් මෙහෙම එකක් කිව්ව කියල ප්‍රචාරෙ දෙන එකෙන් ජාත්‍යන්තර කුමන්ත්‍රනකාරයොන්ට වැඩේ සිම්පල් වෙනවනෙ.පුලාට නං මේක අපභ්‍රංසයක්.පුලාගෙ පවුල නම් කියනව ඕකෙ අරමුන චන්දෙ වෙලාවෙ පොඩි දේශපාලන වාසියක් ගන්න එකලු.පවුල උනත් ඇත්ත කියන්න එපැයි.මගේ හාමිනේට පොඩ්ඩක් ලූස්.රට ගැන සංවේදී අපේ නායකයො ජාත්‍යන්තරේට ඔහොම චාන්ස් දෙයිද?දේශද්‍රෝහී පාදඩ බලු කතා!

2.ඊලග පුරස්නෙ නං ලගදි විපක්සෙනුත් නැගුන පුලාට මතකයි.
ෆොන්සේකා බොස්ට පාවලා දෙන්න මාර තදියමක් තිබ්බ කියල හිතමුකො
දැන් ෆොන්සේකා බොස්ට පාවලා දෙන්න ඔච්චර තදියමක් තියනව නං අමෙරිකාවේ නවත්තගෙන ප්‍රශ්න කොරද්දි ඕක හොද හිංගලෙන් උන්ට කියන්න තිබ්බනෙ.මොකද මේ ලංකාවට ඇවිල්ලම ඕක කිව්වෙ?
නැත්තං ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් තියල හැමෝටම ඇහෙන්න කියන්න තිබ්බනෙ.ඔය මහා පාවා දීමේ ප්‍රකාශය සන්ඩේ ලීඩර් එකේ කර්තෘවරියට විතරක් හොරෙන් වෙනම ගෙන්නලා උන්නැහේ කිව්වෙ මක්කෙයි?
අනික මේ චන්දෙ ඉල්ලන්න ඉන්න මනුස්සයාට ඔය වගේ ප්‍රකාසයක් කොරා කියල තියෙන ලාබෙ මොකක්ද?
පුලාගෙ පවුල ආයෙ කියන්නෙ මෙතන ලොකු මුසාවක් හෝද හෝද මඩේ දානව කියල.ඒත් මම කලිනුත් කිව්වනෙ.නෝනට ටිකක් ලූස්
අනේ මන්ද මට නම් සිරාවට තේරෙන්නේ නැහැ

3. අනිත් එක හොරු ටිකක් ගෙවල් බිදුමක් කරා කියල හිතමු.එක හොරෙක් ෂේප් එකේ ගිහින් පොලිසියට කුත්තුව දුන්නොත් අපි කියනව පොර පාවාදුන්න කියල.
ගෙවල් බිදීමක් කරේ නැත්තං පාවලා දෙන්න දෙයක් නැහැ නෙව
එතකොට සුදු කොඩි සීන් එක කිව්වා නං කියපු එක පාවාදීමක් වෙන්නෙ එහෙම දෙයක් ඇත්තටම උන හින්දද?
ඒත් අපේ රනවිරුවොයි සංවේදී නායකයොයි මානුෂික හමුදාවයි එහෙම එකක් කොරයිද?

8 comments:

  1. මෙන්න පුලස්ති මහත්තයෝ ආණ්ඩුව මේවා දුර දිග ගෙනියන තරම! රනිල් උන්නැහෙව ඉන්දියාවට යවලා මේ කතා කියවන ආණ්ඩුවේ එවුන් දීයම කන්න එපැයි මං අහන්නෙ?

    ReplyDelete
  2. @pulasthi
    පිටරට උන්ට ඕක දැන ගන්න.ලංකාවෙ පත්තරම කියවන්න ඕනෑ නැත.උබේ දැනීමේ තරම මේ ලිපියෙන්ම පේනව.

    ReplyDelete
  3. @ pulasthi
    අම්මෝ උඹේ තර්ක දැක්කාම පිස්සු හැදෙනවා. හික් හික් ඔහොම යං

    ReplyDelete
  4. අඩෙ උබ නම් මාරයි. මොක උනත් සමහර පැති තියනවා. එවට ආණ්ඩුවෙ නාලිකා විතරයි අහුවෙන්නෙ. එ දුප්පත් මිනිස්සු මහින්දට වැදගෙන ඉන්නෙ. උන් එයාට කියන්නෙ මාහා රජා කියල. ඊයෙ මම අපෙ මහප්පත් එක්ක බැන ගත්තා එයා කියනවා මට පුතෙ උබ රට ගැන හිතපන්ලු පාවා දුන්න බල්ලෙකුට රට දෙන්න එපාලු. මොකද මහප්පගෙ රෙඩියො එකට හඩ්සන් ව විතරයි අහුවෙන්නෙ. ටT.V එකට සුදර්මන් ව විතරයි අහුවෙන්නෙ. දැන් සුදර්මන් හා සුනන්ද අතර තියන්නෙ එකම වෙනසයි.

    ReplyDelete
  5. @ නිමල්

    අනේ කොල්ලො මට දැනීමක් වැඩිය නැහැ කියල මම දන්න හින්දනෙ මට මේ ප්‍රශ්න ඇතිවෙලා තියෙන්නෙ.
    පිටරට උන්ට ඕක කියන්න ෆොන්සේකා බොස්ට ඔච්චර ඕනෙ නම් මේ ලංකාවේ මඩ පත්තර පඩංගුවකට හොරෙන් ඕක කියන්නේ මොකටෙයි?කෙලින්ම අමරිකාව ප්‍රශ්න කරද්දිම හරි එහෙට ගිහින්ම හරි කියන්න පුලුවන්නෙ?
    මට මේ අවුල ලිහල දෙනව නං පිං සිද්ද වෙනව ඕං.

    @ මිගාර
    මම ඇහුවෙ බොස් රනිල් ලොක්ක පබ්ලිසිටිය දෙන එක ගැන නෙවෙයිනෙ.මම ඇහුවෙ ආන්ඩුවේ බුවාල විපක්සෙ දැන් නැහැ කියද්දිත් ඕක හෝද හෝද මඩේ දාන එක ගැනනෙ.මේක චන්ද උපක්‍රමයක් කියල බොස්ට තේරෙන්නැද්ද?මගේ පවුලට නම් ඒක තේරෙනවලු.

    ReplyDelete
  6. පුලස්ති කොලේ වහල ගහන්න හදන්නේ මොකද කියල තමයි අපි නම් බලන්නේ. දැන් මේක හෝද හෝද මඩේ දාන්නේ ආණ්ඩුවට පක්ෂපාතී මාධ්‍ය විතරද? බී.බී.සී., චැනල් 4 වගේ ඒවා ආන්ඩුව කියන හැටියට වැඩ කලේ කවදද හැබෑට? දැන් සන්ඩේ ලීඩර් එක වැඩ කරන්නෙත් ආණ්ඩුව කියන විදියටද? (ලසන්ත හිටිය නම් දත්මිටි කාල මැරෙයි). එහෙම පිට රට මාධ්‍යත් මේක හෝද හෝදා මඩේ දාද්දී සරත් මහත්තයගේ චපෝටර් රනිල් මහත්තය ඔය වගේ කතා කියල ඒ මාධ්‍ය අවුස්සන එක හරිද? දැන් රනිල් මහත්තටගෙ පොදු අපේක්ෂකයම කියල තියෙනවනෙ යුධ අපරාධ මොකුත් උනේ නැහැ කියල? පුලස්ති මොකද නිකම් දියබරිය වගේ මේ ප්‍රශ්නෙන් ලිස්සලා යන්නේ?

    ReplyDelete
  7. @ මිගාර
    අනේ බොස් පිටරට මාධ්‍ය මේක හෝද හෝද මඩේ දානවද?මම දැනං හිටියෙ නැහැ නෙව.අපේ නම් රූපවාහිනියේ ඕක තමයි හෙඩ්ලයින්ස් හැමදාම.විද්වතුන්ගෙන් වොයිස් කට් ගන්නවයි,ජනතාවගෙන් අදහස් ගන්නවයි වැඩ ගොඩයි.
    සීඑන්එන් එකත් එහෙම කොරනවද?ඒකෙත් පහුගිය ටිකේම ඕකද හෙඩ්ලයින්ස්?මම නං බැලුවෙ නැහැ.තමුන්නැහෙ නිතරම සීඑන් එන් එහෙම බලන හින්ද කියල දුන්න නං

    ReplyDelete
  8. he he he . . .ela ela . . ohoma yan . . .

    ReplyDelete