
පුලා ඊලග මහ චන්දෙදි මනෝ ගනේසන්ට චන්දෙ දෙන එක ගැන සලකලා බලනව.
ඊයෙ පෙරේදා උන්නැහේ ටීවි චැනල් වල දේශපාලන වැඩසටහන් වලට ඇවිල්ල කතා කොරනව දැක්කම මේ පුලාට හිතුනෙ මේ මනුස්සය ගැන අපි හිතන් උන්න දේවල් මොන තරම් වැරදිද කියල.
අපේ මීඩියා පොරවල් හා මීඩියා පොරවල් විසින් පොරවල් කොරල තියන විරවංශ වගේ බොරු ටෝක් පොරවල් කියන දේවල් විතරක් හින්ද ඇහුනෙ පුලා හිතාගෙන උන්නෙ ගනේසන් උන්නැහෙ දඹ කොටියෙක් කියල.ප්‍රබාකරන්,බාලසිංහම්,තමිල්සෙල්වම් ගාවට මනෝ ගනේසන්ගෙ නම මතක් වෙන තරමට මේ කතාව කියලයි තිබ්බෙ.
ඒ හැම කතාවකම බොරුව ගනේසන් උන්නැහෙ පෙන්නල දුන්න විතරක් නෙමෙයි තමන් යුද්ධ කාලෙ හිටපු ස්ථාවරේට හේතුවත් උන්නැහෙ ලස්සනට පැහැදිලි කලා.
88 ඒ කාලෙ ආන්ඩුව ජේවිපි කොල්ලොයි ජේවීපි නොකරපු කොල්ලොයි සේරම උස්සගෙන යනකොට,නඩු විභාග නැතුව මරල දානකොට ඒකට කිව්වෙ මානව හිමිකම් කඩකිරීමක් කියල නෙව.ඒක එහෙම කිව්වෙ කවුද?ඒක එහෙම කියපු නායකයා තමයි අද ජනාධිපති.
මහින්ද උන්නැහෙ ආන්ඩුව කරන මානව හිමිකම් කඩකිරීම්ද මොකක්ද එක ගැන ලෝකෙ වටේ ගිහින් කිව්වා.පෙත්සම් ගැහුවා.ඒ එක පෙත්සමක් හදන්න තිස්සනායගම් කියල මහත්තයත් උදවු වෙලා තියෙනවා කියල පුලා අහල තියනවා.ජීනිවා වලටත් (ජාත්‍යන්තරේට!බුදු අම්මේ කුමන්ත්‍රනකාරයෝ ලගින මහගෙදර!)ගිහින් ඒ කාලේ මහින්ද උන්නැහෙ ලංකාවෙ තිබ්බ ආන්ඩුවට විරුද්ධව කතා කොරා.(රට පාවා දුන්නා?)
දැන් පහුගිය කාලෙත් සුදු වෑන් වලින් ඇවිත් දෙමල කොල්ලන්ව උස්සන සීන් එකක් තිබ්බ.මේ ගැන කොරපු හෙලිදරවුව හින්ද ගජනායක කියල හමුදා ඔෆිසර් කෙනෙක් හිරේ දාන්නත් උන හින්ද එහෙම ඒව උනේ නැහැ කියල කියන්න බැහැ.
අනික අගනගරෙ ඉන්න දෙමල අය දන්නව එහෙම සීන් තිබුනද නැද්ද කියල.
(දැන් මේක කියෙව්ව ගමන් දේශප්‍රේමය පිලිබද විශේෂඥ වෛද්‍ය මිගාර බොස් නලාව උස්සගෙන පිඹගෙන ඇවිත් පුලාගෙන් අහයි "තමුසෙ කොහොමද එහෙම කියන්නෙ?"කියල.අහිංසක දෙමල කොල්ලන්ව පැහැර ගෙන ගියාද නැද්ද,සාමාන්‍ය දෙමල මිනිස්සු බයෙන්ද හිටියෙ නැද්ද කියන එක ගැන දෙමල කෙනෙක් එක්කම කතාකරල බලන්න.දැන්ම උත්තර දුන්නෙ පැදුරු වගේ දිග කමෙන්ට් දදා ඉන්නවට වඩා ඒක හොද හින්ද)
කොහොමහරි ඒ කාලේ රිචඩ් ද සොයිසා මැරුව වගේ මේ කාලෙ ලසන්ත වික්රමතුංගලා මැරුවා.පෝද්දල ජයන්තලාගේ කකුල් කැඩුවා.
සිංහල කොල්ලන්ගෙ අයිතිවාසිකම් වලට කෙලවද්දි සිංහල නායකයෙක් උන මහින්ද රාජපක්ෂලා එදා කතා කලා වගේ දෙමල අහිංසකයන්ට හානි වෙනකොට දෙමල මහජන නියෝජිතයෙක් විදිහට තමනුත් කතාකල බවයි ගනේසන් උන්නැහෙ කියන්නෙ.
සිංහල කොල්ලො (ඒ කාලේ ආන්ඩුවේ අර්ථකතනෙට අනුව ත්‍රස්තවාදියො) පැහැරගෙන යද්දි ඒක ගැන ජාත්‍යන්තරේට කියන එක මානව හිතවාදය.
දෙමල කොල්ලො ( දැන් ආන්ඩුවේ අර්ථකතනෙට අනුව ත්‍රස්තවාදියො)පැහැරගෙන යද්දි ඒක ගැන ලෝකෙට ඇහෙන්න කියන එක දේශද්‍රෝහය!
ගනේසන් කියන විදිහට - පුලාටත් හිතෙන විදිහට - මේ දෙකම වැරදියි.කොලඹ ලොජ්වල ඉන්න දෙමල අය පැය විසිහතරක් ඇතුලත කොලඹින් පිටුවහල් කොරන්න මේ ආන්ඩුව නියෝග කලා.මේවා මානව අයිතින් කඩවීම් කියන එක ගැන කතා දෙකක් නැහැ.වැරදිලාවත් එදා කොලඹ ඉන්න සිංහල මිනිස්සුන්ට එහෙම පිටුවහල් කිරීමේ නියෝගයක් දුන්න නං?කොටි උතුරෙ මුස්ලිම් අයව එහෙම පිටුවහල් කොරපු එක මානව අයිතින් කඩකිරීමක් වගේම ආන්ඩුවේ අර තීන්දුවත් අම්බානක වැරදියි.
වැඩේ කියන්නෙ එදා සිංහල අය මරද්දි ඒක වැරදි වෙන්නත් මෙදා දෙමල අය මරද්දි ඒක හරි වෙන්නත් හේතුව මොකක්ද?
වැරැද්ද නං එදා කලත් එකයි අද කලත් එකයි නේද?
එකම සබ්ජෙක්ට් එක කතා කරපු මහින්ද මානව හිතවාදියා වෙන්නත් ගනේසන් දේශද්රෝහීයා වෙන්නත් හේතුව මොකක්ද?
එදා මැරුන අය සිංහලයො උන එකයි මෙදා මැරුන අය දෙමලු උන එකයි නේද මේ වෙනසට හේතුව?
අපේ බුවාලට මේ වික්ටිම්ස් ගැන කැක්කුමක් නැත්තෙ ඒ අය දෙමල හින්ද නේද?
සිංහල අයගෙ ඝාතන මානව හිමිකම් කඩවීම් වෙන්නත් දෙමල අයගේ ඝාතන නිකම්ම නිකම් "යුදධ කාලෙ වෙන නොවැලැක්විය හැකි සිදුවීම්" වෙන්නත් හේතුව මොකක්ද?
මේ විදිහට දෙමල අයගෙ දුකට කදුලට සෙන්සිටිව් නොවෙන එකට අපි කියන්න ඕනෙ මොකක්ද?
පුලස්තිගේ කටට එන වචනෙ නං ජාතිවාදය.
ඔයාලට හිතෙන වචනෙ මොකක්ද?
කරුනාකරල මට දන්වන්න.
ලිපිනය - පුලස්තිගෙඩිගේ ඇට් ජීමේල් ඩොට් කොම්
බුදු සරනයි!
- පුලස්ති
පලි-
දැන් ඊලගට හිතේ හැටියට මට බනින ගමං අරකට වචනයක් යෝජනා කිරීමේ අවස්ථාව මං දේශප්‍රේමය පිලිබද විශේෂඥ වෛද්‍ය මිගාර දොස්තර මහත්තයට ලබාදෙන්න කැමැතියි.