Tuesday, December 15, 2009

ෆොන්සේකාගේ මහා (හෙන පට්ට සයිස්) පාවාදීම


සරත් ෆොන්සේකා බොස් ලීඩර් එකට කලා කියන ප්‍රකාශය ගැන ලියන්න පුලාටත් හිතුනා ඔන්න.මො‍කද හැමෝම ඕක ගැන ලියනවනෙ.
යුද රහස් හෙලි කරල යුද හමුදාව අපකීර්තියට පත්කරල රටට ද්‍රෝහි වෙලා ගිනි විජ්ජුම්බරයක් ෆොන්සේකා බොස් කලා කියල තමයි දැන් කවුරු කවුරුත් කියන්නේ.තමන් කිව්ව දේ හරියට පත්තරේ දාල නැහැ කියල ඩිෆෙන්සිව් පාරක් ගහන්නත් ෆොන්සේකා බොස්ට අන්තිමේදි සිද්ද වුනා.
ෆොන්සේකා උන්නැහෙ ජනාධිපති චන්දෙට ආපු ගමන් උන්නැහෙට විරුද්දව චෝදනා ගානක් ආව පුලාට මතකයි.රූපවාහිනි නාලිකා බදු අරගෙන ආරක්ෂක ලේකම් මැතිදා හතර අතේ ෆොන්සේකාට ගැහුව.
එතකොට කිව්ව කතා ටිකක් පුලාට යම්තම් යම්තම් මතකයි.
- මාධ්‍යවේදීන් මරන්න වැඩ කලේ ෆොන්සේකා බොස් කියල ලේකම් මැතිදා ඉගි කලා
-යාපනයෙන් පසුබහින්න ෆොන්සේකා තමයි කිව්වේ කියල එතුමා තවදුරටත් කිව්ව
දැන් පුලාට ආපු ප්‍රශ්නෙ තමයි එව්ව "යුද රහස්" නෙමෙයිද කියන එක.
ලසන්තව මැරුවෙ ෆොන්සේකා කියල කියන කොට ජාත්‍යන්තර කුමන්ත්‍රනකාරයන්ට ෆොන්සේකාවත් යුදු අදිකරනෙට ගෙනියන්න පුලුවන්නේ?
පුලිදේවන්ගේ රහස ෆොන්සේකා එලියට දාන එක කැතයි වගේම ලසන්තගෙ රහස ලේකම් මැතිදා එලියට දාන එකත් කැත වෙන්න එපැයි.
‍ෆොන්සේකාට ගහන්න හමුදාව ඇතුලෙ සීන් එලියට අදින කොට ඒක නෝමල් වැඩක්.ෆොන්සේකා බොස් රිටර්න් එක දෙන්න හමුදාවේ ඇතුලෙ සීන් එකක් එලියට ඇද්ද ගමන් ඒක තමයි ද්‍රෝහිකම.
මතුපිටින් ගාල තියන ආරලු බුරලු ටික අයින් කලාම පුලාට නම් හිතෙන්නෙ මෙතන තියෙන්නේ පොලිටිකල් ප්‍රොපගැන්ඩා වැඩක් කියල.

අනික අපේ දේශහිතෛශී බුවාල මේකේ තියන පාවාදීම ගැන ටෝක් දෙනවා මිස ඒ කතාවෙ ඇත්ත නැත්ත ගැන හිතන්නැති එක තමයි සීන් එක.නඩේසන් පුලිදේවන් හා නඩේසන්ගේ නෝනා සුදු කොඩි අරන් යටත්වෙන්න එනකොට හමුදාව වෙඩි තියල මැරුව කියන ප්‍රවෘත්තිය මීට ඉස්සෙල්ලත් පුලා අහල තියෙනවා.
ඒ වැඩේ තියෙන අසික්කිත කම ගැන දේශප්‍රෙමී සිංහල බෞද්ධ කටවල් වලින් කෙල බිංදුවක් එලියට එන්නෙ නැහැ නෙව.
සුදු කොඩි අරන් සරෙන්ඩර් වෙන කිසිම කෙනෙක් මරන්නෙ නැහැ කියන එක ලෝකෙම පිලිගන්න අදහසක්.ඒක නිකම් රතු කුරුසෙ වාහන වලට පහර දෙන්නෙ නැහැ වගේ සීන් එකක්.සම්මුතියක්.
නඩේසන් ත්‍රස්තයා කියමුකො.එතකොට නඩේසන්ගේ නෝන?ඒ මනුස්සයා කරපු වැරැද්ද මොකක්ද?
කොටින්ට සරෙන්ඩර් වුන පොලිස් මහත්තුරු 600 ක් මරපු එක කොටි කරපු අමානුෂික වැඩක් නෙව.දැන් මේ කොරල තියෙන වැඩේ මානුෂික කම මොකක්ද?
යටත් වුන පොලිස් අයියල මරද්දි ඒක අමානුෂික වැඩක් වෙන්නත් යටත් වෙන කොටි මරද්දි ඒක මානුෂික වැඩක් වෙන්නත් තියන හේතුව පුලාට නම් තේරෙන් නැහැ.
යුද්ද කියන්නේ පුලාට තේරෙන විදිහට යුද්ද.තුවක්කුවක පතුරමක් අල්ලලා නැති වන්නි සටනෙන් ටෙලියක් බලනව වගේ ආතල් සීන් එකක් විදිහට යුද්දෙ ගත්ත අපේ මධ්‍යම පංතියේ ජාතිමාමක බුවාලට යුද්දේ මානුසික මෙහෙයුමක් වුනාට ඒකෙ ඇති මානුෂික කමක් නැහැ.
‍ෆොන්සේකා බොසුයි ගෝඨාභය උතුමයි තව තව මේ විදිහට රන්ඩු කරගන්නවට කවුරු නැතත් පුලා නම් ගොඩක් මනාපයි.
යුද රහස් කියල සමාජයෙන් හංගල තිබ්බ අදුරු රහස් එතකොට තව තව එලියට ඒවි.
පාලකයන්ගේ හා නිලධාරින්ගේ මේ අදුරු රහස් සමාජය දැන ගන්න ඕනෙ නැද්ද?
මේ කැත රහස් එලිවෙන තරමට යුද්දෙ දිහා බලාගෙන අතේ ගහන එක නවත්තලා යුද්දේ යුද්දෙක තියන භයානක කමෙන් තේරුම් ගන්න අපේ උන්නැහෙලා පුරුදු වෙයි.

මේ ඉතින් පුලා අයියට හිතෙන ටික.දේසද්‍රෝහි කතාවක් කිව්ව එහෙම නෙවෙයි ඕං.

23 comments:

  1. අඩේ පුලා, නියමයි..

    ReplyDelete
  2. හරියට හරි පුලා...උබට ITN එකෙ තුලාව මෙහෙයවන්න දෙන්න ඔනා.

    ReplyDelete
  3. කිසිම යුද්ධයක් 100%ක් සාධාරණව සිදුකළ නොහැකිය. All is fair in love and war කියා කියමනක් ඇත්තේ එනිසාය.

    යුද්ධයක් සිදුවෙද්දී මානව හිමිකම් ගැන කතා කිරීම වැදගත්ය. ඒ එසේ කිරීම තුළින් යුද්ධයකදී මානව හිමිකම් කඩ වීම් අවම කර ගත හැකි හෙයිනි. යුද්ධයකින් පසුව මානව හිමිකම් වලට ඒ වැදගත්කමම නොලැබේ. යුද්ධයකින් පසු වඩා වැදගත් අතීතය අමතක කොට අනාගතය ගොඩ නැඟීමය.

    නිරායුධ විරුද්ධ පාර්ශවය (හෝ අහිංසකයන්) මරා දැමීම වරදක් නම් 1988-9 සමයේ හමුදාවේ සේවය කළ බොහෝදෙනකු පමණක් නොව, සෝමවංශ අමරසිංහ ඇතුළු ජවිපෙ නායකයින්ද, වර්තමානයේ ඇමතිවරුන් මහ ඇමතිවරුන් වන, කරුණා, පිල්ලෙයාන්, චම්පික රණවක, සුසන්ත පුංචිනිලමේ, මහින්ද රත්නතිලක වැන්නවුන්ද සිටිය යුත්තේ සිරගෙදරය.

    ReplyDelete
  4. හරියට හරි පුලා. කෙලින්ම කතා කරල තියනවා. ආණ්ඩුවට අවාසි වෙන විදියට කවුරු හරි ප්‍රකාශයක් නිකුත් තළොත් එයා තමයි ලොකුම දේශද්‍රෝහියා. ආණ්ඩුවේ වැරදි පෙන්නුවොත් ඒත් දේශද්‍රෝහියා. ආණ්ඩුවේ වැරදි අඩුපාඩු පෙනි පෙනී ආණ්ඩුවට කඩේ යනව නම් දේශප්‍රේමියෙක් වෙන්න පුළුවන්. අපිට පේන විදියට නම් යුද රහස් වලින් ගහගන්න එක මේ හැම දේකටම වඩා ද්‍රෝහි කමක්.

    ReplyDelete
  5. අනේ බං උබ කොහෙද හිටියේ.අපේ ගමේ 22 ක් කපලා මරනකන්.සුදු කොඩි නෙවී වැද වැද ඉල්ලුවා මරන්න එපා කියලා.

    ReplyDelete
  6. උඹ කියන්නේ කොටි ම‍රපු එක අමානුෂික වැඩක් කියලාද?
    යුද්දෙ කියන්නේ මනුෂික වැඩක් නෙමෙයි,එත් කොටි මෙල්ල ක‍රන්න කුක්කු පොවලා නලවන්නද කියන්නේ.
    උඹලා වගේ උන් හින්දා තමයි රටට කෙළ වෙලා තියෙනේ,

    ReplyDelete
  7. පුලෝ,
    කොටි, සිංහ, ව්‍යාග්‍ර, දිවි, ටොම් කැට් (පිස්සු පූස්) - මේ සේරම එකම බිලාල කුලයේ නේද?
    කතන්දර

    Please remove this word verification. There are no Netbots trying to hack in here.

    ReplyDelete
  8. හොද රචනා ක්‍රමයක් අනුගමනය කලත් අරමුණ පැහැදිලියි. ඒත් ඉතින් ඔබ වැන්නවුන්ද සිටිය යුතුමය.

    ReplyDelete
  9. පුලා මේකයි මට හිතෙන්නේ.
    දේසපාලනේ 1ක්. රට කියන්නේ තව 1ක්.
    ජීවත් වෙන්න රටක් නැතිඋනොත් මහින්දටවත්, සරත්ටවත්, පුලාටවත්, මටවත් දේසපාලනේ කරන්න තැනක් නැතිවෙනවා.
    යාපනෙන් පසුබහින 1 ජෙනරල් සර්ගෙ ඕඩර් 1ක් කියලා ලේකම් තුමා කියන්න කලින් ගොඩක් අය කිව්වා. කොටින්ම කියනවානම් දිවංගත ජානක පෙරේරා ජෙනරල්තුමාත් උතුරු මැදදි ඕක කිව්වා. ඒ දවස්වල යුද්දේ නැගලා ගිය නිසා ඒක ගානක් උනේ නෑ.
    අපේ රටේ කොටි නැතිඋනාට ලෝකේ පුරාම ඕකුන් ඉන්නවා කියලා පුලාට අයේ අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. ජෙනරාල් සර් මේ කරලා තියෙන්නේ උන්ට මස් කටු විසිකරන 1. ඒකයි මේකේ තියෙන බරපතලකම. ඕකෙන් වෙන්නේ මහින්ද, ගෝඨා. සරත් මේ හැමෝමටම කෙළවෙන 1 විතරයි. ඒ කියන්නේ රටට කෙළවෙන 1යි.
    පුලා නිකම් ඉන්න වෙලාවක මේකත් කියවන්න.
    http://www.divaina.com/2009/12/16/news28.html

    අපේ රටට ජය වේවා...

    ReplyDelete
  10. "මාධ්‍යවේදීන් මරන්න වැඩ කලේ ෆොන්සේකා බොස් කියල ලේකම් මැතිදා ඉගි කලා"

    ඉඟි කිරීමයි කෙලින්ම කියන එකයි එකම නෙවෙයි කියල පුලාට තේරෙන්නේ නැත්ද මන්දා?

    "අනික අපේ දේශහිතෛශී බුවාල මේකේ තියන පාවාදීම ගැන ටෝක් දෙනවා මිස ඒ කතාවෙ ඇත්ත නැත්ත ගැන හිතන්නැති එක තමයි සීන් එක"

    කතාව ඇත්ත උනත් ඒක කලේ රට වෙනුවෙන්. මොකද ඔය ත්‍රස්තවාදීන් ටික පණ පිටි අල්ල ගත්ත නම් උන්ව නිදහස් කරන්න කියල ඕනෙ තරම් ජාත්‍යන්තර බලපෑම් එනවා. කතාව බොරු නම් එවැනි කතාවක් කීම මහා විශාල ද්‍රෝහී කමක්.

    "නඩේසන් පුලිදේවන් හා නඩේසන්ගේ නෝනා සුදු කොඩි අරන් යටත්වෙන්න එනකොට හමුදාව වෙඩි තියල මැරුව කියන ප්‍රවෘත්තිය මීට ඉස්සෙල්ලත් පුලා අහල තියෙනවා."

    පුලා තඩි බොරු විදිනවා. එහෙමනම් සරත් උන්නැහේ ඕක කියන්න කලින් පුලාට ඕක කියන්න තිබුනා නෙව? තමන්ගේ ලොක්කන්ට පන්දම් අල්ලන්න නැති දේ ඇති විදියට කීම නවත්වමු

    "ඒ වැඩේ තියෙන අසික්කිත කම ගැන දේශප්‍රෙමී සිංහල බෞද්ධ කටවල් වලින් කෙල බිංදුවක් එලියට එන්නෙ නැහැ නෙව"

    කොටි අපේ මිනිස්සු කපලා මරලා දානකොට, මිලේනියම් සිටි එකේ හිටි 120ක් පාර තොටේදි බල්ලෝ වගේ මරලා දානකොට පුලා ල කට විතරක් නෙවෙයි අධෝ මුඛයත් වහගෙන හිටියේ. දැන් මෙතුමා එනවා අසික්කිත කම් ගැන කතා කරන්න. අනික නඩේසන් ලා ත්‍රස්තවාදී නායකයෝ. සුදු කොඩි අරගෙන ආපු සාමාන්‍ය ත්‍රස්තයන්ව මැරුවද? නමුත් කොටි අපේ සෙබලාගෙ ඉඳන් පොලිස් කොස්තාපල් දකවා හැම කෙනෙක්වම සුදු කොඩියක් අරන් ආවත් නැතත් මැරුවා. ඒක අසික්කිතයි කියල කියන්න පුලාගෙ කට ඇරෙන්නේ නැහැ. ඒකෙ පිට්ටු හිරවෙලා. දැන් මේ කතා කරන්නෙ පූර්ව මුඛයෙන්ද ඇධෝ මුඛයෙන්ද කියල හොයා ගන්න බැරි තරමට මේ ප්‍රකාශය ගඳ ගහනව.

    "ෆොන්සේකා බොසුයි ගෝඨාභය උතුමයි තව තව මේ විදිහට රන්ඩු කරගන්නවට කවුරු නැතත් පුලා නම් ගොඩක් මනාපයි.
    යුද රහස් කියල සමාජයෙන් හංගල තිබ්බ අදුරු රහස් එතකොට තව තව එලියට ඒවි"

    ඒකෙන්ම පුලාගෙ අසික්කිත භාවය පේනවා.

    ReplyDelete
  11. "පාලකයන්ගේ හා නිලධාරින්ගේ මේ අදුරු රහස් සමාජය දැන ගන්න ඕනෙ නැද්ද?"

    නැහැ, අව්ශ්‍ය නැහැ. මිනිස්සුන්ට අවශ්‍ය නිදහසේ ජීවත් වෙන්න විතරයි. ඒ නිදහස ගෙන ඒමේදි කළ කී දේ ගැන නැවත නැවත කතිකා කිරීමට වඩා නිදහසෙන් ලැබු කාලය ප්‍රයෝජනයට ගෙන වැඩදායක දෙයක් කිරීමයි කළ යුත්තේ.

    ඕවා ඕනෙ වෙන්නේ අද ලෝකේ හොඳම බිස්නස් එක වෙච්ච මානවා හිමිකම් වෙලඳාම් කරන වෙලෙඳන්ට. සාමාන්‍ය ජනයාට වැදගත් රටේ බෝම්බ නොපිපිපෙරෙන එක විතරයි.


    "මේ කැත රහස් එලිවෙන තරමට යුද්දෙ දිහා බලාගෙන අතේ ගහන එක නවත්තලා යුද්දේ යුද්දෙක තියන භයානක කමෙන් තේරුම් ගන්න අපේ උන්නැහෙලා පුරුදු වෙයි"

    මෙන්න යුද්ධේ භයානක කම ගැන කියල දෙන්න එනවා බ්ලොග් හරහා බ්ලොග් කාරයෙක්! අනේ මහත්තයෝ, ගිහින් සරුංගලයක් උඩ ඇරපංකො වෙන වැඩක් නැත්නම්. මහත්තයෝ, අනාරක්ෂිත ගම්මාන වල හිටපු මිනිස්සු, කොටින්ගෙ බෝම්බ වලට අහුවෙච්ච මිනිස්සුන්ට යුද්ධෙ භයානක කම ගැන කියල දෙන්නා ඔය පත්තර පඩංගු, බ්ලොග් පඩංගු හරහා එලියට දාන පුවත් වැඩක් නැහැ. ඒක ඒ මිනිස්සු අත් දැකීමෙන්ම දන්නවා. ඓතිහාසික ජයග්‍රහණයක් හෑල්ලු වෙද්දි ඔබතුමා අතේ ගසමින් සුරතාන්තයට පත්වෙන බවක් තමයි අපිට මේ සටහන බැලුවම පේන්නෙ. ඔබතුමාට හැමදාම වෙන්නේ අතේ ගහ ගහම ඉන්න තමයි. මොකද අපේ රටේ මිනිස්සුන්ට යුද්ධය දිනීම මෑත ඉතිහාසයේ වෙච්ච වැදගත්ම සිදුවීම. ඒක සමරන්න, ඒ ගැන කතා කරන්න ඔවුන්ට සම්පූර්ණ අයිතිය තියෙනවා. ඒක එහෙම නැතයි කියන අවලම් බල්ලෝ තමයි රටේ නියම හතුරෝ

    ReplyDelete
  12. As gedi dekata hena gahalada sihalunne...

    ReplyDelete
  13. අපි මේ ගැන හිතන විදිය ටිකක් වෙනස් විය යුතුයි කියලයි මා හිතන්නෙ. වෙලා තියනකොට කියවල බලන්න > http://nissarana.wordpress.com/2009/12/15/සරත්-අහිංසකද-සුදු-බල්ලෝ-ය/

    ReplyDelete
  14. හැමෝටම උත්තර බදින්න පුලුවන් වෙයිද දන්නේ නැහැ.දෙන්නම්කො ට්‍රයි එකක්.

    මිගාර බොස්ට නම් නප්පියට තද වෙලා ව‍ගේ.ඔහොම තද වෙන්නේ බොස් බොස් යුද්දෙ ෆිල්ම් එකක් වගේ අරගෙන විරයා දුස්ටයා සීන් එකක් වගේ දකින හින්ද.මගේ මල්ලිගෙ පොඩි උන්ටත් පෝන් සීනාට බැන්නම තද වෙනවා.ඇයි වීරයා වැරදි කරන් නැහැ කියලනෙ හිතාගෙන ඉන්නෙ.
    කවුරු කලත් මිගාර අයියා වැරැද්ද වැරැද්ද.මායිම් ගම්මාන වල මිනිස්සු මරපු එක දැන් මම හොදෙයි කිවද?සම්මතයන්ට පිටින් ගිහින් මිනිස්සු මරන එක පාදඩ වැඩක්.ඒක කොටි කලත් පාදඩයි.හමුදාව කලත් පාදඩයි.යටත් වුන අය නඩු විබාග නැතිව මරන එක බොස් ලෝකෙම පිලිගන්න විදිහට වැරදි වැඩක්.දෙවෙනි ලෝක යුද්දෙදි යටත් වුන අච්චර අපරාද කල නාසි නායකයන්ටත් නිදහසට කාරනා කියන්න දීල ට්‍රයල් තිබ්බා.ස්වභාවික සාධාරනත්වය කියල එකක් ගැන අහල තියෙනවැයි?මෙඩිසින්වලට ඉගැන්නුවෙ නැති උනාට ලෝ කරන ‍ෆස්ට් ඉයර් කොල්ලෙක්ගෙන් උනත් අහල බලන්නකකා.කියල දෙයි.යටත් වෙන වැරදිකාරයෙක්ට සාධාරන නඩු විභාගයකට අයිතියක් තියනව කියන්නේ ස්වබාවික සාධාරනත්වයේ මූලධර්මයක් බොස්.මෙතන සින් එක යටත් වෙද්දි මරපු එක.යුද්ද කරද්දි නම් මැරුවෙ මේ ඩිබේට් එක එන්නේ නෑනෙ.
    88 කාලෙ සිංහල කොල්ලොන්ට හමුදාව සලකපු හැටි අමතක නැහැනේ?අගුලානෙ අත්අඩංගුවට ගත්ත කොල්ලෝ දෙන්නට පොලිසියෙ රනවිරුවො සලකපු හැටිත් අමතක නැහැනේ.මේවා ගැන මානව හිමිකම් වෙලෙන්දො නෙමේ බොස් අපියි බය නැතිව කතා කරන්න ඕනෙ.මොකද වැරැද්දට වැරැද්ද කියන්න කොන්ද තියෙන්න ඕනෙ හින්ද.
    අනික බොස් නඩේසන්ගේ නෝන ගැන මොකෝ කියන්නෙ?ඇහැලේපොලගෙ වැරැද්දට එයාගෙ හාමිනේ මරපු එක නරකයි කියල ඉතිහාසයෙත් කියනව නෙව.තමන්ගේ සතුරට දුටුගැමුනු සැලකුවා කියන හැටි ගැන බොස් අහල ඇතිනෙ?අන්න නියම බෞද්ධකම.ඔයාල බෞද්ධකම බයිට් එකට ගන්නව විතරයි.

    පසුව ලියමි- සුදු කොඩි කතාව මම කලින් කියෙව්වෙ ඩ් බි එස් ජෙයරාජගේ බ්ලොග් එකේ මගේ මතකේ හැටියට.පැත්ත ගියත් මිගාර උන්නැහේ මේ පුලා අයියා බොරු කියන්නේ නම් නැහැ ඔන්න.

    ‍ටැබු- මහත්තයා කියන එක එක්කත් එකග වෙන්න අමාරුයි.අතීතෙ එහෙම අමතක කරන්න පුලුවන්ද?යටත් වුන කෙනෙක් මරන එක අපරාධයක්.ඒ වගේ අපරාධ අමතක කරල බැහැ.බටලන්ද ගැන ආයි ආයි කතා කරන්න ඕනෙ.බූකන්වල්ඩ් වල නට්සි අපරාධ ගැන ගුවන්තනමෝ වල බුෂ්ගේ අපරාධ ගැන ආයි ආයි කතා කරන්න ඕනෙ වගේම මේවා ගැනත් කතා කරන්න ඕන.ඒ
    1.වැරදි කල අයට රජවරු වගේ වැජඹෙන්න දෙන එක හොද නැති හින්ද
    2.සහ ඒ වගේ දේවල් ආයි වෙන එක වලක්වගන්න මතයක් හදන්න ඕනෙ හින්ද.

    @ අනිත් අයට-මේ ඉතිං මට හිතෙන විදිහ.සුදු කොඩි අරන් එන කෙනෙක් මරන එක මට නම් දරන්න අමාරු සීන් එකක්.හිතට එකගව ඒක තමයි මගේ අයිඩියා එක.මරන්න එපා කියල කකුලෙන් අල්ලන මායිම් ගම්මාන වල මිනිස්සුන්ව මැරුවා වගේම කැත වැඩක් විදිහටයි පුලා ඒක දකින්නෙ.ජාතිය,ජාතික ආලය වගේ ආලවට්ටම් වලින් මත්වෙන් නැතිව මේවා දිහා බැලුවම මේව අමු මිනිමැරුම් කියල මට හිතෙන එක ගැන මට කරන්න දෙයක් නැහැ.කපුගේ බොස්ට සිංහල සිංදු කියන සිංදුව ලියපු රත්න ශ්‍රී ඒකට වස්තු විෂය කරල තියෙන්නෙ නඩේසන්ගෙයි එයාගෙ නෝනගෙයි ආදර කතාව.මේක මට සංවේදී සබ්ජෙක්ට් එකක්.අපි යටත් වෙනවා,අපිව මරන්න එපා කියල සුදු කොඩියක් අරන් එන කෙනෙක් ස්වයංක්‍රිය ගිනි අවියකින් වෙඩි තියල මරල දාන එක සාදාරනීකරනය කරන්නේ කොහොමෙයි?

    කතන්දරකාරයාගේ ටෝක නම් සහතික ඇත්ත.මේ හැමෝම එක පවුලෙ තමයි

    ReplyDelete
  15. පුලා මෙ මිනිස්සු හැමදාම කර දුම්රියෙ හිඟාකන හිඟන පැටියව එළවලා තමුන්ගෙ ලමයින්ට හැම්බෙකන්, හොට් ඩොග්ස් ගෙනිහින් කවපු එක. මෙ මිනිස්සු කවදාවත් රට ගැන හිතන්නෙ නැහැ. පාට පක්ෂ දිනවන්න මිසක් රට ගැන හිතලා නෙවෙ කතිරෙ ගැහැවුවෙ. තමුන්ට රස්සාවක්, තමුන්ට ගෙයක් රටෙ මිනිස්සුන්ගෙන් එකතු කරලා හදලා දුන්නම ඌ මොකා උනත් අපෙ රජා. කමක් නැහැ පුලා මෙ පාරත් මහ රජතුමාව දිනවමු මොකද ඊලග වාරෙදි කස්ටිය හොදට හම්බකරගෙන යන්න යයි. ඊලගට මහින්ද රජවුනත්, සරත් රජවුනත් වැඩක් නැහැ. කස්ටිය බොරුවට චාස්,චුස් ගනවා මිසක් වැඩ නැහැ. වැඩ කරන මිනිස්සුන්ගෙ සල්ලි වලින් හොරා කන, කොමිස් ගහන උන්ට වැඩි පැවැත්මක් නැහැ. එකට උදාහරන මෙ රටෙ ඕන තරන් තියනවා.

    ReplyDelete
  16. "සම්මතයන්ට පිටින් ගිහින් මිනිස්සු මරන එක පාදඩ වැඩක්.ඒක කොටි කලත් පාදඩයි.හමුදාව කලත් පාදඩයි.යටත් වුන අය නඩු විබාග නැතිව මරන එක බොස් ලෝකෙම පිලිගන්න විදිහට වැරදි වැඩක්"

    ඕව තියෙන්නේ මහත්තයෝ පොත් වල විතරයි. ඔය නීති අනුව වැඩ කරන්න පුළුවන් රටවල් අතර වන යුද්ධ වල (සම්මක යුද්ධ) විතරයි. ඔබතුමාට ground reality එක ගැන අබමල් රේණුවකවත් අදහසක් නැති බවයි පේන්නේ. සුදු කොඩි අරගෙනත් කොටි එවන්නේ ස්වයංනාශක බෝම්බ කරුවන් බව ඔබතුමාට තේරෙනවද? එහෙම ඇවිල්ලත් තියෙනව. එහෙම ආපු එකෙක් තමයි දෙමළ මිනිස්සු 10-15 විතර මරාගෙන පුපුරලා ගියෙත්. පොතේ තියෙන සම්මත නීති, රීති, සම්මත ගැන පොර ටෝක්ස් දෙන එක හරිම ලේසියි. නමුත් මහ පොළොව මත ඇති අසම්මත යතාර්ථය නම් ඔබතුමාට වැටහිලා නෑ වගේ. ඔය පොතේ තියෙන විදියට යුද්ධ කලාඅම් කොටි තවමත් කොලඹ බෝම්බ පුපුරවනවා.

    "යටත් වෙන වැරදිකාරයෙක්ට සාධාරන නඩු විභාගයකට අයිතියක් තියනව කියන්නේ ස්වබාවික සාධාරනත්වයේ මූලධර්මයක් බොස්.මෙතන සින් එක යටත් වෙද්දි මරපු එක."

    බෝම්බයක් බඩේ බැඳගෙන ඉස්සරහට එන එකෙක් එන්නේ යටත් වෙන්නද, යුද්ධ කරන්නද? එහෙම එකෙක් ලඟට ගිහිල්ල පරීක්ෂා කරන්න කියල අණ ලබන හමුදා සෙබළට ලැබෙන ස්වභාවික සාධාරණත්වය මොකද්ද?

    "අනික බොස් නඩේසන්ගේ නෝන ගැන මොකෝ කියන්නෙ?"
    සුදු කොඩි අරන් ආවයි කියන කතාව ඇත්තද කියලා කවුද දන්නේ? එහෙම කියන්නේ DBS ජෙයරාජ් විතරයි. ඒ කියන ජෙයරාජ්ගෙ ඒ කතාව ඇත්ත වෙන්නත්, සරත් ෆොන්සේකා බුලට් හොරා කියන කතාව බොරු වෙන්නත් හේතු මොකද? ජෙයරාජ් කියන්නා කොටි රූකඩයක්. මිනිහා කියන දේවල් පරිස්සමින් භාර ගන්න ඕන. ජෙයරාජ් සරත් ෆොන්සේකාට බුලට් හොරා යයි කියද්දී, පන්හිද සමග ඒ ගැන ඇති අවිශ්වාසය නිසා ෆොන්සේකා මහතාට එම චෝදනාව නැගීමෙන් වැලකි සිටියා. ජෙයරාජ් ගේ බ්ලොගය අල්ලාගෙන ලංකා හමුදාවට දොස් පවරන පුලා මෙසේ ගියහොත් පුල්ලි ද ප්‍රදර්ශනය කරනු ඇත.

    යුද බිමේ තත්වය නොදන්නා අයට මේ සුරංගනා කතා කිව හැකිය. එනමුත් යටහ් වන්නා හෝ ප්‍රහාරකයා හඳුනා ගැනීමට නොහැකි සන්දර්භයක් තුල ක්‍රියාතමක විය යුත්තේ කවර ආකාරයෙන්දැයි කීමට මේ පොත් ලියු සුදුඉ උන්නැහේලාට අමතක වී ඇත. එනිසා අඩු පාඩු සහිත පොතක් අරන් ඇවිත් පොත අනුව තර්ක දැමීම ඇත්තෙන්ම ගොන් කමකි.

    ReplyDelete
  17. හැබැයි මිගාර බොස් ජෙයරාජ් ආරක්ෂක ලේකම මැතිදාව අප් කරල ෆොන්සේකා බෝස්ව චාටර් කරල ලියුව ආටිකල් එක නම් දේශප්‍රේමී දිවයින ඇතුලු පත්තර ටික පිටු පුරා ලෝබ නැතිව දාල තිබ්බ.කන්න ඕනෙ වුනාම කොටි රූකඩෙත් තලගොයා වෙනව කියන්නේ මේකටද?
    අනික යටත් වෙන්න ආපු නඩේසන්ගේ බිරිද ඇතුලු පිරිස බඩේ බෝම්බ බැදගෙන ආව කියල බොස් කියන්නෙ මොන සාධක තියාගෙනද කියල කියමුද බලන්න.මම කිවේ මෙතන ප්‍රශ්නෙ ඔයා ෆිල්ම් එකක් බලනව වගේ නෙව මේක බලන්නෙ.දුෂ්ටයා දුෂ්ටයාම තමයි ‍බොස්ට.සුදු කොඩියක් අරන් යටත්වෙන්න අසරන වෙලා එනකොට ඒකවත් පිලිගන්න ලෑස්ති නැහැ.ඔය ආවට බඩේ බෝම්බ ඇති කියල හිත හදාගන්නවා.
    හමුදාව නීතියට පිටින් කරපු ඝාතන හොදයි කියල සාදාරනිකරනය කරනව නම් බොස් ඔයාට කොටි කරපු එක ඝාතනයක් ගැන කතාකරන්න සදාචාරාත්මක අයිතියක් නැහැ.මොකද එයාලත් කලේ ඒකම නිසා.හැබැයි පුලාගෙ මනස නිදහස්.ජාතිය ආගම වගේ බැරියර් වලින් පුලාගෙ මනස වැහිල නැහැ.ඒ හින්ද හමුදාවෙ වුනත් කොටියගේ වුනත් අල් කයිඩා එකේ වුනත් අමෙරිකන් හමුදාවෙ වුනත් වැරැද්ද වැරැද්ද විදිහට මට පේනවා.
    දැන් බොස් ගිහින් බොස්ගෙ පශ්චාත් උපාධියට ලෑස්ති වෙන්න.ඒකෙන් රටටවත් වැඩක් වෙයි.
    මාත් යනව තේරුමක් තියන මොකක් හරි වැඩක් කොරන්න.
    වැඩිය හොද දවාලට වරක කන එකද?මැල්ලුම් කන එකද?

    ReplyDelete
  18. @පුලස්ති
    ඔබගේ මනස ජාති ආගම් කුල වලින් බෙදී නැති බව සත්‍යයක් බව පෙනේ එහෙත් ඔබ කතා කරන අනෙක් අයගේ(මෙහි දී අසාධාරණයට ලක් වූවායි කියන) මනස් ඕවායින් සෑදු හෙන සයිස් තාප්ප වලින් වැසී ඇත ඒ නිසා මේකේ මෙච්චර හාර හාර කෑගහන්න දෙයක් නැත. නාසින්ට ලැබුන ඇති අයිතිවාසිකමක් නැත, අහුවුන අය අල්ලා මැරුවා අහුවුනේ නැති අය කොහාට හරි පැනගත්තා, හිට්ලර් සියදිවි නසාගත්තා කියලා කිව්වා(මේ ලඟ දී ආයි පරීක්‍ෂණයක් දාල ඔප්පු කරන්න :D) ඉතින් ඔහොම තමා ලෝකෙ හැටි යුද්ධවලට නීති දාන්න එන්නේ අපේ රටේ යුද්ධෙට නම් මේ රටට වඩා බලවත් අය; කොහොමින් කොහොම හරි ලෝක බලවතාට ඕව කිසි එකක් අදාළ නෑ කතා කරන්න ඉරාකෙ ගැන පලස්තීනෙ වෙන ඒව ගැන ඔබ දකින වැරැද්ද මේ රටේ මොන ලබ්බක් හෝ කරලා යුද්ධය ඉවර කරපු එක නම් එහි විසාල දොසක් ඇත. යුද්ධවල මෙතුවක් කල් වුන දේවල් නොදැන මේ ගැන සාකච්ඡා කිරීම ලංකාවේ යුද්ධෙ කල අයට කරන නිග්‍රහයක්.

    ඔබ මේ කතිකාවත පටන් අරන් පසුව ඇයි "තේරුමක් තියන මොකක් හරි වැඩක්" කරන්න යන්නේ?

    ReplyDelete
  19. "හැබැයි මිගාර බොස් ජෙයරාජ් ආරක්ෂක ලේකම මැතිදාව අප් කරල ෆොන්සේකා බෝස්ව චාටර් කරල ලියුව ආටිකල් එක නම් දේශප්‍රේමී දිවයින ඇතුලු පත්තර ටික පිටු පුරා ලෝබ නැතිව දාල තිබ්බ.කන්න ඕනෙ වුනාම කොටි රූකඩෙත් තලගොයා වෙනව කියන්නේ මේකටද?"

    දිවයින දැන් කබරගොයා කර ගෙන ඉන්න අයම තමා හික්කා ගැන කියද්දී ඕක තලගොයා කරගෙන මස් කර ගත්තෙ. දිවයින ඇඳගත්තාට අපි කුමක් කරමුද? කොටි රූකඩ වලටත් වුවමනා ෆොන්සේකා මහතා හා රජය අතර බෙහීමක් ඇති කර මඩ ගසා ගන්නට සැලැස්වීම තුලින් ලැබූ පරාජයේ වේදනාව වසා ගැනීමටයි. එයට උල්පන්දම් දෙන සමහර රට මෝඩයෝ අපේ දේශපාලකයන් හා මාධ්‍ය කරුවන් අතර දැකිය හැකිය.

    "අනික යටත් වෙන්න ආපු නඩේසන්ගේ බිරිද ඇතුලු පිරිස බඩේ බෝම්බ බැදගෙන ආව කියල බොස් කියන්නෙ මොන සාධක තියාගෙනද කියල කියමුද බලන්න"

    මම එහෙම කිවුවද? ආයෙත් බලන්න. මම කිවුවේ කොටි සංවිධානය කොතරම් අසම්මතද කියන එක. සුදු කොඩියක් අතේ අරන් බෝම්බ කරුවකු එවීම ඔවුන් සිදු කලා. ගිලන් රථයක දමා බෝම්බ තොගයක් එවීමටත් උත්සාහ කළ බවට සටන් බිමේ සිට ආ සොල්දාදුවෝ පවසති. මෙතන ප්‍රකාශය නඩේසන් ගේ බිරිඳට සුවිශේෂී එකක් නෙවෙයි. නඩේසන් ඇතුලු කොටි නඩය මෙවන් අසම්මත පුරුදු ඇති කළා. ඒ අසම්මත පුරුදු වල ඵල ඔවුන් විසින්ම නෙළා ඇනීමට සිදුවුනා නම් එහි වරදක් මම දකින්නේ නැහැ. සුදු කොඩිය අරන් එන පුද්ගලයා බෝම්බයක් අරන් එනවද නැත්ද කියලා අතගාලා බලන්න ගියේ පුලස්තිද?

    ReplyDelete
  20. "හමුදාව නීතියට පිටින් කරපු ඝාතන හොදයි කියල සාදාරනිකරනය කරනව නම් බොස් ඔයාට කොටි කරපු එක ඝාතනයක් ගැන කතාකරන්න සදාචාරාත්මක අයිතියක් නැහැ.මොකද එයාලත් කලේ ඒකම නිසා"

    ලස්සන ලොජික් එක. හැබයි හරිම රවටනසුළු ලොජික් එකක්. හමුදාවන් වෙඩි තිබ්බා නම් (තිබ්බාද නැත්ද කියා අපි දන්නේ නැත. එනිසා මේ අපි කරන්නේ හුදෙක්ම මනෝරාජික සංවාදයකි) ඒ ඔවුන් ගේ අරක්ෂාවටයි. නමුත් කොටින් විසින් සටන් විරාමයක් තුලදී පොලිස් භටයන් මැරුවේත්, ශ්‍රී මහ බෝධියට වඳිමින් සිටි අයට වෙඩි තිබ්බේත් කාගෙන් ආරක්ෂා වෙන්නටදැයි පුලා පැහැදිලි කර දිය යුතුය. එය සිදු කලේ කොටින්ගේ ආරක්ෂාවට නම් පුලාගේ ලොජික් එක අපට පිළිගත හැකිය

    "හැබැයි පුලාගෙ මනස නිදහස්.ජාතිය ආගම වගේ බැරියර් වලින් පුලාගෙ මනස වැහිල නැහැ"

    හැබැයි රටට ද්‍රෝහී වීමෙන් වලත්ත සතුටක් ලබන බව නම් අපට පේනවා

    "දැන් බොස් ගිහින් බොස්ගෙ පශ්චාත් උපාධියට ලෑස්ති වෙන්න.ඒකෙන් රටටවත් වැඩක් වෙයි"

    ඒක මම බලා ගන්නම්. ජාතකේ ඇදල ගත්තේ කට උත්තර නැති වෙලා හීන් දාඩිය දාගෙන එන හින්දද? ඔය වගේ ලපයි සිපයි වැඩ කරන බ්ලොග් කරුවන් හා නිර්නාමිකයන් ගෝනි ගණන් අන්තර් ජාලයේ ඉන්නවා. ස්වරය සවුත්තු උනත් බුද්ධිමත් සංවාදයක නියැලෙන්න ඕනෙ නම් ජාතකේ ඇද ගන්න එක නතර කරන්න.

    "මාත් යනව තේරුමක් තියන මොකක් හරි වැඩක් කොරන්න.
    වැඩිය හොද දවාලට වරක කන එකද?මැල්ලුම් කන එකද?"

    නෑ මුත්‍රා කරල බුදිය ගන්න එක

    ReplyDelete
  21. මිගාර නම් මුත්‍රා කරන එක විතරක් නෙමෙයි කක්කා කරන එකත් පිළිවෙළක් නැතුව හැම තැනම කරනවා වගේ පේනවා....දොස්තර මහත්තයෝ....නඩේසන්, පුලිදේවන්, නඩේසන් ගේ නෝනා මැරුවෙ නැත්නම් ජාත්‍යන්තරය ඇවිත් උන්ව බේර ගන්නවා කිව්වනෙ? දැං එතකොට අරංතලාවෙ හාමුදුරුවරු මරාපු, සිරි මහ බෝධියෙ සිල් සමාදන් වෙලා හිටපු උපාසක උපාසිකාවො අමු අමුවෙ මරාපු කරුණා, පිල්ලෙයාන් ගැන මොකද කියන්නෙ??? උන් යටත් වෙලා ආවම නොමරා ඉන්න හේතුව මොකද්ද දොස්තර මහත්තයෝ?? අහිංසක බෞද්ධයන්ව මරාපු එක එච්චර ලොකු වැරැද්දක් නෙමෙයිද වඩාත් ම දේශප්‍රේමී සිංහල බෞද්ධ දොස්තර මහත්තයට????? ඔන්න ඕකට තමයි කියන්නෙ කන්න ඕන උනාම කබරගොයත් තලගොයා වෙනවා කියලා...!

    ReplyDelete
  22. @ මදුර

    වැඩක් ඇති දෙයක් කරමු කිව්වෙ මලයා ලිපිය ගැන නෙමේ.මිගාර එක්ක කතාකරන එක තේරුමක් නැති දෙයක් කියල හිතුන හින්ද.ගල් භාගයක් ගැහුව එකා වෙරිඋනාම උඹ බීල ඉන්නෙ කිව්වට තේරෙන් නැහැ.සමහරු ඔවු මම බිල තමයි තෝ නොබොන්නෙ ඇයි කියල වලියට එනව.තව සමහරු ඒක කියන එකාට විකාර කියල හිතනවා.ජාතිවාදී ගල් භාගයක් ගහල ඉන්න මිගාර එක්කත් කතාකරල ඉවරයක් නැහැ.ජාත්‍යන්තර නීති කියන්නෙ සුද්දගෙ එව්වලු.ඒව අපි ගනන් ගන්න ඕනෙ නැල්ලු.ඒව ගැන හිතුවොත් යුද්ද කරන්න බැරිලු.මට නොතේරෙන්නේ එහෙනම් ඇයි බටලන්ද දාපු රනිල් ලොක්කට එහෙම මිනීමරුවො කියන්නෙ කියන එක.එයාලත් ග්රවුන්ඩ් රියැලිටි එකද මොකක්ද එක අනුවනෙ වැඩ කොරල තියෙන්නෙ.ඇයි නිති තඹේකට මායිම් නොකරපු රුවන්ඩාවේ හුටු ගෝත්‍රික හමුදා?ඇ‍ෆ්ගනිස්ථානෙට කෙලපු ඇමෙරිකාවේ හමුදා?ස්‍ලොබොදාන් මිලොසෙවික්?හිට්ලර්?මේ එකෙක්වත් මිනිමරුවො එහෙම නෙමෙයි.ග්රවුන්ඩි රියැලිටි එක තේරුම් ගත්ත විශේෂඥයො.එහෙම ගත්තම ප්‍රභාකරනුත් එහෙමයිනෙ.එයත් නීති ගැන නොහිතා බස්වලට බෝම්බ ඇටෙව්වෙ ග්රවුන්ඩි රියැලිටි එක තේරුම් ගත්ත නිසා.උන්නැහෙත් මේ තර්කෙට අනුව මිනීමරුවෙක් නෙමෙයි.
    කොහොම හරි ඔව්ව මිගාර බොස්ට කිව්වට තේරෙන් නැති හින්ද මම තීරනය කලා දවාලට වරක හරි මැල්ලුම් හරි කන්න.මිගාර තීරනය කරල මූත්‍ර කරල නිදාගන්න.

    ReplyDelete
  23. නියමයි..කොහොමින් කොහොම හරි ලෝක බලවතාට ඕව කිසි එකක් අදාළ නෑ කතා කරන්න ඉරාකෙ ගැන පලස්තීනෙ වෙන ඒව ගැන ඔබ දකින වැරැද්ද මේ රටේ මොන ලබ්බක් හෝ කරලා යුද්ධය ඉවර කරපු එක නම් එහි විසාල දොසක් ඇත.
    Any Song Free Download...100% FREE
    English Songs, Sinhala Songs,Hindi Songs, Audio Songs, Video Songs,Rock, Hip-Hop,
    Audio, Pop, Rap, RNB,Classic, Reggie, Techno, Vocal, Blues, Jazz, Remix



    Sinhala Music Videos, Online Watch, Download Free,New songs, Free download,
    Sinhala songs, music albums, Online watch videos ,Sinhala Music ,Sinhala videos,
    Sinhala song download

    ReplyDelete