Wednesday, December 16, 2009

වැල බැලීම - සමාජ විද්‍යාත්මක විග්‍රහයක් (වගේ එකක්)


හතර පෝයට සිල්ගන්නවා කියල පෙන්වන සුචරිතවාදී සිංහල බෞද්ධ ථේරවාදි පිරිමි වැල වලට ප්‍රසිද්ධියේ විරුද්ධ වෙන්නෙ මොකද කියන එක පුලස්තිට මාර විහිලුවක්.
වැල - පන්ඩිතයන්ගේ භාසාවෙන් කියනවා නම් අසභ්‍ය දේවල් /චිත්‍රපටි/පින්තූර - මේව ගැන ප්‍රසිද්ධියේ කතාකරන්න කිව්වොත් සීයට අනූ අටක් අපේ බුවාල එගේන්සට් ටෝක් දෙන්නේ.ඔයා ඒව බලනවද?කියල ගැනු ලමය ඇහුවම අහිංසකයා වගේ "බලන්නේ නැහැ.දැකල තියනවා"කියල කියනවා.
නිකම් ඕනෙකමට බැලුව නෙමේ පාරේ යද්දි අහම්බෙන් දැක්ක වගේ.
වැඩිහිටියන්ට පමනයි චිත්‍රපටි තහනම් කිරීමේ ඒ ශ්‍රේෂ්ඨ තින්දුව රජතුමා ගත්ත විතරයි ‍මාර චියර් එකනෙ ඒකට ආවෙ.
හැබැයි කොච්චර චියර් දුන්නත් ඉන්‍ටනෙට් කැෆේ එකකට ගිහින් හිස්ටරි සර්ච් කලාම අපේ බුවාල වැඩිපුරම සර්ච් කොරල තියෙන්නෙ වැල සයිට්.
කනව බොනව දත් මදිනව නියපොතු හපනවා සංසර්ගයෙ හරි ස්වයංවින්දනේද මොකක්ද එකේ යෙදෙනවා වගේ ජීවිතේ තවත් අවශ්‍යතාවයක් විදිහටයි පුලා නම් වැල දකින්නෙ.
ඒක එහෙමයි කියල ප්‍රසිද්ධියෙ පිලිගන්න අපේ පිරිමි මැලි වෙන්නේ මොකද?
අවුරුදු දාසයේදී දෙයියනේ කියල කසාදයක් කොරගෙන පවුලක් පන්සලක් වෙලා හිටපු කාලේ නම් ඕව තිබුනත් මිනිස්සු ඕව ගනන් නොගන්න තිබ්බ.ඒත් කසාදයක් කොරගන්න රස්සා හදාගෙන හරිහමන් ස්ථාවරේකට එන්න තිහත් පනින අද වගේ කාලෙක වැල කියන්නේ සමාජ අවශ්‍යතාවයක්.මොන නීති දැම්මත් කොල්ලො හොරෙන් නෙට් කැ‍‍ෆේ ගානෙ රිංගන්නෙ ඒකයි.
වැල කිව්වම හැබැයි අහිංසක ගෑනුන්ව හොරෙන් වීඩියෝ කරල ඒව බෙදාහරින සීන් වලට නම් පුලා විරුද්දයි.එහෙම නොවන ස්වේච්ඡාවෙන් කරපු චිත්‍රපටි වගේ දේවල් නම් තියෙන්න ඕනෙ කියල කියන්න පුලා ලැජ්ජ වෙන්නෙ නැහැ.
මිගාර දොස්තර මහත්තයා වගේ තඩි සිංහල බෞද්ධ පිරිමිනුත් ( ප්‍රසිද්ධියේ නැතත්) මේ කාරනේදි නම් පුලා එක්ක එකග වෙයි කියලයි පුලාට හිතෙන්නෙ.
මිගාර හා පුලාගේ සන්ධානයට ජයවේවා!
තරුන පරම්පරාවේ ඊලග චන්දය වැල සයිට් වල තහනම ඉවත් කරන්නාට ලබාදෙන්න පෙලගැහෙමුද?
ඔබේ චන්දයෙන් එක එකාව දිනවන්නෙ නැතිව වෙනසකටත් එක්ක ඔබ දිනන්න.

18 comments:

  1. ‍‍බෞද්ධ පොත් පත් වලට අනුව නම් වැල කියලා දෙයක් නෑ.ඒක තමන්ගේ හිතේ මැවෙන දෙයක්.සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ.(වැඩි දුර අවශ්‍ය නම් නිබිබේදික සූත්‍රය කියවන්න)
    මිනිසාගේ කාමය හිතේ ඇතිවන සංකල්පීය රාගයක්. ඒ නිසා කාමය පොත් පත් වල හො වෙබ් සයිටි වල නෑ. ඒක තියෙන්නේ විවිධ මිනිසුන්ගේ හිත්වලයි.

    උඩ තිබෙන ගල්කැටයම බලන්න. සමහර විට එම නිර්මාණ කරුවා අදහස්කලේ නිර්මාණාත්මක දෙයක් වීමට පුලුවන. නමුත් එය ඔබ යොදාගත් ආකාරයට වෙනත් අදහසක් පාඨකයිනට දැනෙන්නට පුලුවන.කොටින්ම කියනවානම් මෙම කාමය හෝ ඔබගේ වචනයෙන් වැල යන්න තහනම් කිරීම යන්න කෙසේවත් කල නොහැකිය යන්න මගේ අදහසයි. දිගටම ලියන්න. ඔබට ජය.

    ReplyDelete
  2. හංගන්න හංගන්න මිනිස්සුන්ගේ කුතුහලය තවත් වැඩිවෙනවා කියල අපේ මේ හිංගල (අ)බෞද්ධ ගොන්නුන්ට තේරෙන්නෙ නෑ. අනිත් එක වැලක් බලල අත පාවිච්චි කරල තමන්ගෙ ලිංගික පීඩනය යවා ගන්න එකේ වැරැද්ද මොකද්ද ? ඔහොම නොකර හංගගෙන හිරකරගෙන ඉන්න ඒවා තමා ලමා අපචාර ස්ත්‍රී දූෂණ හැටියට එලියට පනින්නෙ.

    තව තවත් ලිවීමට ඔබට ධෛර්යය ලැබේවා. වැල වැඩි වැඩියෙන් බැලීමට ලැබේවා.

    ReplyDelete
  3. niyama post ekak . .. menna tawath chanda pratipalayak . . . maawath ekautu kora ganna . . wala hoda vidihata bhaavithaa kireemea kandaayamata . .

    ReplyDelete
  4. වැල බැලීම වැඩිහිටියන් විසින් කළාට කමක් නැත. ඒක වැඩිහිටියන්ගේ අයිතියකි. අනික් අතට වැල බැලීම හුදෙක්ම පෞද්ගලික ක්‍රියාවකි. එනිසා එහි වරදක් නොපෙනේ.

    නමුත් වැල බැලීමෙන් අසම්මත හා විකෘති ලිංගික පුරුදු ඇති කර ගැනීම ප්‍රශ්නයකි. එනිසා වැල බලන්නට ඉඩ දිය යුතු යයි කියන කටවල් වලින්ම ලංකාවේ විධිමත් ලිංගික අධ්‍යාපනයක් ලබා දිය යුතු බවද කිව යුතු අතර, එහි ඇරඹුම පාසල තුලින් විය යුතුය.

    මෙතෙන්දී තමයි අපි මේකෙ වැදගත්ම තැනට එන්නේ. දරුවෙක් පළමු වතාවට වැල බැලීමට පෙර, ප්‍රජනන සෞඛ්‍යය ගැන යම් තරමක් හෝ දැනුමකින් සඬද්ධ තැනකට පත් කළ යුතුයි. මේ සඳහා හොඳම වයස අවුරුදු 13-14 කාලය.

    වැල බැලීම කළ යුත්තේ වැඩිහිටියන්ම පමණි. කුඩා දරුවන්ට ඒවා පෙන්වීමේ තේරුමක් හා වැදගත් කමක් ද නැත. වුනොත් වන්නේ හානියකි. එනිසා තමන්ගේ කුඩා දරුවන්ගෙන් (වයස 18ට අඩූ) වැල පත්තර, සංයුක්ත තැටි ආදිය පරිස්සම් කර තබා ගැනීමට දන්නේ නැතිනම් වැල බැලීම නොකළ යුතුය.

    ප්‍රසිද්ධ වැල චිත්තර පටි සම්බන්ධ තත්වය වෙනස්. ඒ ගැන පස්සෙ කියන්නම්.

    ReplyDelete
  5. අනික ඉහත ගල් කැටයම මා දන්නා විදියට ඉන්දියාවේ හින්දු කෝවිලක දකින්නට ලැබෙන්නක් මිස පන්සලක ඇති එකක් නොවේ.

    ReplyDelete
  6. ගැහැනුත් වැල බලල ඇගිල්ල පාවිච්චි කරන එකේ,පිරිමි බැලුවහම මොකද?

    ReplyDelete
  7. "කනව බොනව දත් මදිනව නියපොතු හපනවා සංසර්ගයෙ හරි ස්වයංවින්දනේද මොකක්ද එකේ.... " දත් මදිනව වගේ ගගහ හිටියොත් හොඳට හිටී... :D


    "වැල සයිට් වල තහනම ඉවත් කරන්නාට ලබාදෙන්න පෙලගැහෙමුද?" මේක කිය කිය කොරන්න ඕන නෑ.. හිමීට තහනම ඉවත් කොරල ෂද්ද නැතුව ඉන්ඩ... දන්නෝ හොයා ගනිති.. නැත්තං ගෙවල් වලින් නෙට් යන එකට බර බරේ... :D (පොක්ෂි 4 එවර් :D දන්නෝ දනිති )

    ReplyDelete
  8. පියසිරි දැක්කොත් දිවි නසා ගනියි

    ReplyDelete
  9. නියමයි.. එකඟ වෙන්න පුලුවන් දෙයක්.. මිගාරගේ සමහර කතා වලටත් එකඟයි (ඒකෙත් හැටි :p )

    බලාගෙන, උඹත් මේ රටේ උතුම් සංස්කෘතිය විනාස කරන්න යැංකියො එවපු මහා ප්ලෑනක කොටසක් කරයි අපේ වැල නොබලන permanently blocked සද්දාවතුන් ටික.

    ReplyDelete
  10. එකඟයි.

    @මිගාර: කුඩා දරුවෙක් වෙන්නේ ඡන්ද බලය නැති අයද? :P

    ReplyDelete
  11. ගොඩක් වෙලාවට මිගාර එක්ක මම එකග නොවුනට මේ ලිපියෙදි නම් මම මිගාර ගේ කමෙන්ටුවත් එක්ක අම්බානෙකට එකග වෙනවා!

    ReplyDelete
  12. ඔන්න මිගාරයියා අපිට එකාපක්ෂිකව එකඟ වෙන්න මතයක් කිව්වා.

    ඇත්තටම මොකද්ද ඔය 'වැලේ' මහලොකුව වැඩිහිටියන්ටත් තහනම් කොරන්න?

    ඒ මදිවට ලන්කාවේ කැමරුවක් ඉස්සරහ කනව බොනව දත් මදිනව නියපොතු හපනවා සංසර්ගයෙ හරි ස්වයංවින්දනේ කරන ඇත්තෝගේ පින්තුරත් දාලා පොලිතීන් ලව්වා අල්ලා ගන්න යනවලුනේ? අනේ මයේ කට!

    ReplyDelete
  13. @ Supun Budhajeewa said...

    "කුඩා දරුවෙක් වෙන්නේ ඡන්ද බලය නැති අයද"

    ඒක තීරණය කරන්නේ ආණ්ඩුව විසින්. අම්බානකට නිදහස තියෙනවා කියන එක්සත් ජනපදයේත් වැල බලන්න දෙන්නෙ වයස 18ට (සමහර ප්‍රාන්ත වල 21ට) වැඩි නම් විතරයි. බාල වයස්කරුවන්ට වැල වලින් වන හානිය ඒ රටවල් පර්යේෂණ මගින් හොයා ගෙන තියෙන නිසා. ඕන වැල ෆිල්ම් එකක් වයස 18+ අයට පමණයි කියල අනතුරු ඇගවීමක් කියෙන්නෙත් ඒ හින්දයි.

    ReplyDelete
  14. good post!
    + agree with migara. :)

    ReplyDelete
  15. good post!

    මොන තහනම දැම්මත් බලන එකා කොහොමත් බලනවා. අනික ඒ කටයුත්ත අතිශය පෞද්ගලිකව සිඳුවෙනවනම් කාටවත් හානියක් නැහැ නෙව.

    ReplyDelete