Thursday, December 17, 2009

කලාකාර පෙරහැර


1 කොටස
කලාකාර මහත්තුරු නෝනලා තොග පිටින් මහින්ද මහරජානන්ටලුනෙ සහයෝගය.ඒ අය අර ඇඩ් එකට සත පහක් ගත්තෙ නැහැලු.ඒ චෝදනා සේරම බොරුලු.තමන් ලක්ෂ පහක් ගත්තෙ නැහැලු.තමන් ඇඩ් එකට පෙනී සිටියෙ නොමිලේ නොමිලේ කියන්න අයි ටි එන් කැමරා එක ඉස්සරහ කලාකාරයෝ පෝලිමේ දගලනවා පුලා පෙරේදා දැක්කා.
- තමන්ම බැනපු මෙගා නාට්‍යවලට පස්සෙ ලැජ්ජා නැතිව ඔලුව රිංගවන ජාතියෙ කලාකාරයො අපිට ඉන්නෙ.ඒ අයට සත පහක්වත් ගෙව්වෙ නැහැ කියල හිතන්න පුලුවන්ද?-නිව්ස් බලන ගමන් නියපොතු හප හප හිටපු සදහම් අයියා ඇහුවා.
- කීයක් හරි හොයාගන්න තියන ඕනෙ කමට කලාව ගැන අන්දො සංසාරයක් නොදන්න මර්වින් සිල්ව දෙන කමෙන්ට්ස් ඔලුව නමාගෙන,නියපොත්තෙන් බිම හාර හාර අහගෙන ලජ්ජා නැතිව මෙගාස්ටාර් එකේ දගලන කලාකාරයො අපිට ඉන්නෙ.ඒ අය සත පහක්වත් ගත්තෙ නැහැ කියල හිතන්න පුලුවන්ද?-පුලස්තිත් කිව්වා.
-අපේ කලාකාරයෝ සෙට් එක නේද?-පුලාගෙ බොක්ක මුරා උත්තර දුන්නා.
- ඇඩ් එකට ලක්ෂ පහක් අරගෙන ටීවී එක ඉස්සරහ අපි ඒක කලේ නිකම් කියල කියන්න තව ලක්ෂ පහක් ගන්න ඇති-

2 කොටස
කේමදාස මාස්ටර් ගැන කතාවක් පුලස්ති අහල තියනවා.ජනාධිපති මන්දිරේ උත්සවයකට සංගීතය මෙහෙයවීම උන්නැහෙට බාරවෙලා තිබුනලු.රිහසල් කරමින් ඉන්නකොට රිහසල් කරන තැනට ටිකකින් ජනාධිපති එනවා කියල ආරංචිය ආවලු.ආරංචිය අවාම කේමදාස මාස්ටර් - එයා ආවට කමක් නැහැ ඔකෙස්ට්‍රා එකේ කවුරුත් නැගිටින්න එහෙම එපා-කීවලු.
-‍දේශපාලකයො කියන්නෙ චන්දෙන් එන යන අය.ඒ අයට නැති අවංකකමක්,ගෞරවයක් කලාකරුවන්ට තියෙන්න ඕනෙ.ඒ නිසා කලාකාරයෝ දේශපාලකයො ඉස්සරහ නැගිටින්න ඕනෙ නැහැ-මාස්ටර් කිව්වය කියල කියන්නේ ඔය වගේ කතාවක්.
මාස්ටර්ල වගේ කලාකාරයෝ එක්ක බලද්දි මේ මිනිස්සු කවුද?පුලස්තිට හිතෙනවා.
කලානිර්මාන මහින්ද චින්තනයට අනුව හැදෙන්න ඕනෙ කියල කිවිවෙ ආන්ඩුවෙ රැගුම් පාලක මන්ඩලයේ සභාපති.මේ වගේ අමන පටු මනසක් තියෙන නිලධාරී මැස්සන් වහපු,කලාත්මක වටිනාකම හදුනගන්න බැරිව චිත්‍රපටි තහනම් කරන ආන්ඩුවක ඒ කලා විහීන වැඩ ගැන කතා කරන්න මේ කලාකාර අයියලා අක්කලා ඇන්ටිලා අංකල්ලගේ කට ඇරුනෙ නැහැ.තමන්ම ප්‍රධාන චරිතය රගපාපු අක්ෂරය තහනම් කරපු එක ගැන කතාකරන්න වත් රන්දෙනිය බොස්ට කශේරුවක් නැහැ.ඒ වෙනුවට උන්නැහෙ සංවේදි නායකයගේ මෘදු හදවත ගැන ටෝක් දෙනවා.
අද ර‍ජතුමා බලවත් නිසා එතුමා ඉදිරියේ දෙකට නැමෙන මේ ඇත්තො හෙට බැරි වෙලාවත් ෆොන්සේකා දින්නොත් ඒ උන්නැහෙ ඉස්සරහ දෙකට නැමිල උන්නැහෙගෙ සංවේදිකම ගැන ටෝක් දෙනවා බලාගන්න පුලුවන් බවට මෙන්න පුලාගෙන් කැට.

3 කොටස
ප්‍රධාන දේශපාලන ස්ට්‍රීම් ‍එකේ අසික්කිත වැඩ විවේචනය කරල කාගෙවත් මැතිවරන වේදිකාවට නගින්න බැහැ කියල කිව්ව හින්ද බොබ් මාලේට වෙඩි තිබ්බා කියල පුලා අහල තියෙනවා.
මිනිස්සුන්ගේ අයිතිවාසිකම් ගැන නොහිතා කොන්සර්වැටිව් විදිහට රට කොරවපු ඇමෙරිකාවෙ ආන්ඩුව විවේචනය කරල සිංදු කිව්ව කියල ජොන් ලෙනන්ව ඇමෙරිකාවෙන් පිටුවහල් කරන්නත් ගියා.
දේශපාලකයොන්ට සුදු හුනු ගාමින් උන්ගේ මජරකම් ගැන මුනිවත රකින එහෙයියො හැර කොන්දක් තියාගෙන හරි දේ වෙනුවෙන් ස්වාධිනව පෙනී උන්න බොබ් මාලේ,වික්ටර් හාරා,කේමදාස,නෙරූඩා වගේ කලාකාරයෝ කවදා අපේ රටේ බිහිවෙයිද?


කිරි සුවද රටක්වී මා නුවන් ඉවුරේ
ඒ රටට අඩගසයි
අනේ අපි කවදාක හිනැහෙමුද ඒ රටේ!

7 comments:

  1. ඔය ගැන පුදුම වෙන්න දෙයක් නැහැ‍; නලුනිලියන්ගේ වෘත්තිය රඟ පෑමනේ. කාසී වාසී ඇතිනම් රඟ පාන එකනේ කරන්නේ. ප්‍රශ්නය බලා ගෙන ඉන්න උදවිය සිතන්නේ මොවුන් මෙවා කියන්නේ සැබෑවට කියලා... නැහැ මං හිතන්නේ රූපවාහිනි වල කන්නේ, වෘත්තියෙන් ම කොටසක්! නැද්ද?

    ReplyDelete
  2. මිනිස්සුන්ව අන්ධ කරලා තියන්නෙ බන්. රාජ්‍ය මාධ්‍ය , මෙ සංවෙදි හදවත් තියන කලාකරුවන්ට පෙන්නනෙ එක කොටසක් විතරයි. මෙ මිනිස්සුන්ට මොළයක් නැහැ දුම දැක්කට ගින්නක් තියනව කියලා හිතන්නෙ නැහැ. හැගිම් බර මිනිස්සුන්ව නමා ගෙන ගෙම ගහගෙන යනවා.

    ReplyDelete
  3. අනේ ඔව් . . හොඳ වෙලාවට ඉංග්‍රීසි හිංදි කලා නිර්මාන තියෙන්නේ . . . සිංහලෙන් නම් කොන්ද පන තියෙන නාට්‍ය හදන නාට්‍ය කාරයෝ ටිකක් ඉන්න හින්ද හිත ඒ ගැනත් හදා ගන්න පුළුවන් . . .

    ReplyDelete
  4. I completely agree wiyh your idea.In my opinion i think these artists are selfish crew.most of artists(not absoulte artistes,they call them as "artistes")mentioned above need to stop or ban real artistic creations via government in Sirilanka and they might think they will be able to promote their own soap-teledramas and less quality sinhala films.
    If there is a International-level art in sirilanka these *artists* will be thrown artistes among people.

    ReplyDelete
  5. මගේ අදහස හැටියට නම් ලංකාවේ කලාකරැවෝ කියලා නම් කරන්න පුළුවන් අය කළු නික හො‍යන්නා වගේ වැඩක්. නිවේදකයෙක්, නළුවෙක්, නිළියක් වුන පළියට ඔහු කලාකරැවෙක් වෙන්නේ නැහැ. කලාකරැවා හැමවිටම දේශපාලකයාට වඩා ඉදිරියෙන් ගමන් කළ යුත=යි.

    ලක්ෂ පහේ කලා කෑලි වලට පුංචි අවවාදයක්...

    පැණිරසත් එක දිගට කද්දි තිත්ත වෙනවා

    ReplyDelete
  6. කලා කරුවන් සමාජයේ ගෞරවයට පාත්‍ර වුයේ, ඔවුන්ගේ අදීන බව නිසයි.

    තමන්ගේ කලිසමේ බොත්තම් අල්ලා ගැනීමට සහ ගවුමේ වාටිය මසා ගැනීමට රජාට වැඳීමෙදී, තමන් සිතනවාටත් වඩා කලිසම් සහ ගවුම් පහතට වැටෙන බව ඔවුනට නොතේරෙ.

    ReplyDelete
  7. කොන්දක් තියාගෙන අද රටේ ඉන්න පුළුවන්ද? :D

    සනත්ගෙ කතාව ඇත්ත නම්, ඒක විතරක් ඇති උදාහරණෙට.. ;)

    ReplyDelete