Sunday, December 27, 2009

ජනාධිපති චන්දෙයි උතුරේ අයගේ චන්දෙයි පුලස්තියි


උතුරේ චන්දෙ දෙන්න සුදුසුකම් තියන මහ විසාල සෙනගකට මේ පාර චන්දෙ දෙන්න බැරි වෙන සින් එකක් තියෙන්නෙ කියල අද පත්තරවල තිබුන.
අවතැන් උන අයගේ ඇඩ් එක මෙතන ප්‍රධාන පුරස්නයක්ලු.
උතුරෙ අවතැන් අයටයි තව ගොඩකටයි අයිඩෙන්ටි කාඩ් නැති එක ලොකු අවුලක් වෙලා තියෙනව කියල මැතිවරන නිරීක්සක මහත්තයෙක් කියල තිබ්බ.තාවකාලික අයිඩෙන්ටි දෙනව කියල කිව්වත් ලක්ෂ ගානක සෙනගකට මාසෙකින් ඒව දීල ඉවර කරන එක ප්‍රැක්ටිකල් නැති හින්ද ( අපේ රාජ්‍ය අංශෙ වැඩ ඉතින් අපිනෙ දන්නෙ) මල කෙලියක් වෙයිලු.පැෆරල් එකයි කැෆේ එකයි කියන විදිහට උතුරේ 50%කට විතර චන්ද වැඩේ කොරවෙන සිද්දියක්ලු තියෙන්නෙ.

ජනාධිපති චන්දෙ අවුරුදු දෙකක් කලින් ගත්තෙ ඇයි?
මේකට උත්තර දුන්න මහරජානෝ කිව්ව දේ පුලාට හොදට මතකයි.
එක්සත් කොරපු රටේ හැමදෙනාගේම කැමැත්තෙන් බලේට එන්න උන්නැහෙට ඕනෙකම තියෙන හින්ද උතුරෙ අයගෙ කැමැත්තත් එක්ක ආයි රජවෙන්න එතුමට අවශ්‍ය උනාලු.
ඒක නං එතුමගෙ අරමුන ඒ එක්සත් කරපු රටේ උතුරෙ මිනිස්සුන්ට චන්දෙ දෙන්න ඕනෙ වටපිටාව හොදට හදලම චන්දෙ කෝල් කරන්න තිබුනනෙ?
අයිඩෙන්ටි පුරස්න විසදලා ජනමතේද මොකක්ද එක හොදට ප්‍රකාශ වෙන පරිසරේ හදල නෙව චන්දෙට යන්න තිබුනෙ.
මේ කඩිමුඩියෙ චන්දෙ කෝල් කොරපු හින්ද අන්තිමට අයිඩෙන්ටි පුරස්න එකක්වත් විසදෙන් නැතිව 50%කට චන්දෙ නැති වෙන එක හෙන අපරාධයක් නෙමේද?

අපෙ මලයගෙ පොඩි උන්ට ටියුෂන් දෙන රූබන් ගනිත කොටා නං කියන්නෙ වෙන කතාවක්.
පොර කියන විදිහට 82 ජේ ආර්ගෙ කාලෙ යාපනේ දින්නෙ කොබ්බැකඩුව‍ ලොක්කා.
88 ‍ප්‍රේමදාසගෙ කාලෙ සිරිමාවෝ.
94 යූ ඇන් පී කාලෙ චන්ද්‍රිකා.
99 චන්ද්‍රිකාගෙ කාලෙ රනිල් බොස්
05 සන්ධාන ආන්ඩු කාලෙ කොටි චන්දෙ දෙන්න ඉඩ නොතිව්ව හින්ද හරියකට චන්ද නොවැටුනත් වැටුන චන්ද වැටුනෙ රනිල් බොස්ට.

ගනිත කොටා කියන විදිහට රාජ්‍යයේද මොකේද එකේ තියෙන්නෙ සිංහල ඔතෝරිටියක් හින්ද උතුරෙ මිනිස්සු ඒකට ප්‍රොටෙස්ට් කරන්න හැමපාරම තියෙන ආන්ඩුවට විරුද්ධව විපක්සෙට චන්දෙ දෙනවලු.ඒ සමීකරනෙ මෙදා පාර චන්දෙට ගත්තම උතුරෙ චන්ද ටික වැටෙන්න ගොඩක් වෙලාවට ඉඩ තියෙන්නෙ විපක්සෙට මිස රාජපක්සෙට නෙමෙයි.
උතුරෙ ජනමතය බලන්න ඕනෙ කියල ඒ මිනිස්සුන්ට අයිඩෙන්ටි වැඩේ කරගන්නවත් වෙලාවක් දෙන්නැතිව කඩිමුඩියෙ චන්දයක් ගෙනාවෙ ෂේප් එකේ ඒ මිනිස්සු සීන් එකෙන් අයින් කරල චන්දෙ ගොඩදාගන්නද?
ගනිත කොටාගෙ කතාවෙත් ගත යුත්තක් නැත්තෙම නැහැ කියල පුලස්තිට හිතෙනවා.

9 comments:

  1. පුලස්ති අයියේ, එතකොට අර තිස්ස අත්තනායක මහත්තයා වේදිකා ගානෙ උඩ පැන පැන මහ මැතිවරණයක් ඉල්ලදිදි ඕක මතක් උනාද මන්දා. වැරදිලාවත් රාජපස්ස විපස්ස කියන විදියට මහ මැතිවරනෙ කලින් තිබ්බ නම් පුලස්ති අයිය මෙහෙම එකක් උපන්තේකට ලියන්නෙ නෑ කියල තමයි අපේ ටොමියා කිවුවෙ.

    ReplyDelete
  2. ganita kotaage niyama analisis eka . . he he he

    ReplyDelete
  3. @ no frames
    ටොමිය වැඩිය මං ගැන දන්නෙ නැහැ කියල තමයි මල්ලි මට කියන්න තියෙන්නෙ.
    චන්ද කියන ජාති තියෙන්න ඕනෙ වෙලාවට.අමෙරිකාවෙ එහෙම ඒවට ෆික්ස් කරල දිනයකුත් තියෙනවා.මෙහෙ මැතිවරන විහිලුවක්.මාසෙන් මාසෙට එක එකාට ඕනෙ වෙලාවට චන්ද.කිසි නීතියක් නියමයක් නැහැ.
    ජනාධිපති චන්දෙ වගේම පාර්ලිමේන්තු චන්දෙත් හරි වෙලාවට තියන්න ඕනෙ.තිස්ස අත්තනායක නෙමේ වසන්ත වත්තනායක කිව්වත් ඒව වෙනස් කොරන්න ඕනෙ නැහැ.
    අනික සාදාරන චන්දයක් තියන්න පසුබිම හදන එක තියෙන ආන්ඩුවෙ ජොබ් එක.ඒකවත් කරගන්න බැරි නම් මොන කෙහෙල්මලටද මුන්ට අපි හම්බුකරන එකෙන් බදු ගෙවන්නෙ?
    මහින්ද ෆ්‍රෙම්ස් වෙන් නැතිව නමේ හැටියටම නෝ ෆ්‍රේම්ස් උනා නම් ආන්ඩුව කොරන වැරදි වැඩේට වැරදියි කියල කියන්න පුලුවන්කම ලැබෙයි කියල හිතනව ඔන්න.

    ReplyDelete
  4. අන්න ඒක නම් සලකා බැලිය යුතු කතාවක් තමා

    ReplyDelete
  5. පුලස්ති අයියේ අපි දන්න විදියට පළාත් සභා චන්ද තිබ්බේ නම් හරි කාලයටම කිට්ටු කරලා. මාස දෙක තුනක් එහෙ මෙහෙ වෙන්න ඇති. හැබැයි ඉතින් ඔය ඔක්කොම ඡන්ද එක දවසෙ තියන්න පුළුවන් කියන එක නම් මමත් පිළිගන්නවා.

    දැන් පුලස්ති අයියා සපෝට් කරන උදවිය තම ඡන්ද දූෂණ වලට කප් ගහපු ඈයො. පුලස්ති අයියා අපිට කියන්නේ දැන් ඉන්න හොරු රොත්ත පන්නලා ඊට වඩ කම්බා හොරු රොත්තක් බලයට ගේන්න කියලද? එහෙම නැත්නම් පුලස්ති අයියට වෙන විකල්පයක් තියෙනවද? ඒ ගැනත් කියන්නකො බලන්න.

    පුලස්ති අයියා මගේ ෆ්‍රේම් එක ගැන මහන්සි වෙන්න එපා. පුලස්ති අයියට කටක් ඇරල කියන්න බැරි වෙලා තියනවනෙ ෆෙඩ්‍රිකා ජෑන්ස් නෝන කරපු වැඩේ අසික්කිතයි කියල? පුලස්ති අයියගේ ෆ්‍රේම් එකත් ටික ටික පේනව වගේ!. කණ කොක් සුද ඉගිලෙන කොට ලු! එක්කෝ පුලස්ති අයියා ෆ්‍රේම් එකෙන් එළියට ඇවිත් මගේ ෆ්‍රේම් ගැන කියන්න. නැත්නම් අයියා අයියගෙ ෆ්‍රේම් එක එක්ක ඉන්නවා වගේ මට මගේ ෆ්‍රේම් එක එක්ක ඉන්න දෙන්න.

    ReplyDelete
  6. @ නෝ ෆ්‍රේම්
    දැන් මේ සටහන ආයි හොදට කියවන්න.හොද හුස්මක් අරගෙන ආයි ආයි හොදට කියවන්න.දැන් ඉන්න හොරු වෙනුවට විපක්සෙ ඉන්න අය හොරු නෙමෙයි කියල කොහෙද ලියල තියෙන්නෙ කියල ආයි බලන්න.
    අපිට මැතිවරන දූසන කවුරු කලත් එකයි.82 ජනමත විචාරනේ තක්කඩි වැඩක් කියන්න මේ පුලස්තිලා බය වෙන්නෙ නැහැ.ඒ වගේම මහින්ද ලොක්ක මේ කරන්නෙත් බලු වැඩක් කියන්න අපි පැකිලෙන්නෙ නැහැ.මගේ ෆ්‍රේම් එකෙයි ඔයාගෙ ෆ්‍රේම් එකෙයි තියන වෙනස ඒකයි.ඔයාගෙ මහින්ද ෆ්‍රෙම් එකේ ඉදල බලද්දි චන්ද දූසනෙත් සාදාරනීකරනය වෙනව.යූඑන් පී කාරයොත් හොරකම් කරනවනෙ කියල හිත හදාගන්නව.මගේ ෆ්‍රෙම් එකට ඔය කවුරු කරත් හොරකම හොරකමම තමයි.

    ReplyDelete
  7. @ පුලස්ති
    පුලස්ති අයියා ආයෙත් ප්‍රශ්නෙන් පැනල යනවනෙ. දැන් ඉන්න හොරු වෙනුවට විපක්සෙ ඉන්න හොරු ගේන්න එපා කියල අයියා කියනවනම් ඒ වෙනුවට දෙන විකල්පෙ මොකද්ද? ඒකට උත්තරයක් තාම දුන්නෙ නෑ. මේ චන්ද දූෂණ නවත්තන්නෙ කොහොමද? ඒකට බලයට ගේන්න ඕනෙ කවුද?

    අයියගෙ ෆ්‍රේම් එකේ තියෙන්නේ විවේචන විතරයි. යෝජනා හරි විකල්ප හරි නැහැ. ඔය වගේ කට්ටියට කියන්නෙ "නේටෝ" කියල. "නෝ ඇක්ෂන් ටෝක් ඔන්ලි" කියල. අයිය කරන්නෙත් නිකම් බොරුවට මගෙ ෆ්‍රේම් එක විවේචනය කරන එක විතරයි අයියගෙ ෆ්‍රේම් එක මොකද්ද කියලවත් අයිය දන්නෙ නෑ වගේ.

    ReplyDelete
  8. දැන් ඉන්න හොරු වෙනුවට විපක්සෙ ඉන්න හොරු ගේන්න එපා කියල අයියා කියනවනම් ඒ වෙනුවට දෙන විකල්පෙ මොකද්ද?

    ආ ඒ කියන්නෙ දැන් ඉන්නෙ හොරු කියල ඔයා පිලිගන්නවානේ?ඒක වැදගත් කාරනයක්.
    විකල්පෙ තමයි මිනිස්සු විදිහට සංවිධානය වෙලා දූසන වංචා නවත්තන ආයතන ශක්තිමත් කොරන්න කියල බලපෑම් කොරන එක.ඒ බලපෑම උඩ දේසපාලකයන්ට කේවල් කරන්න වෙන තැනට වැඩ සලස්සන එක.
    අල්ලස් කොමිසම වගේ ඒව ස්ථපානය කරන්න කියල බල කරමු.
    ස්වාධින කොමිසන් සභා ටික දාල දේසපාලකයන්ට රාජ්‍ය සේවය පොලිසිය වගේ ඒවවලට බලපෑම් කරන්න තියන ඉඩ අවම කරන්න කියල බල කරමු.
    රාජ්‍ය මාධ්‍ය අයුතු විදිහට යොදාගන්න එක වලක්වන නියාමන කොමිසමක් හරි මොකක් හරි අටමගලයක් ස්ථාපිත කරන්න කියල කියමු.
    වැරැද්ද නං මොකා කරත් වැරැද්ද කියන තැනට එන්න සිවිල් සමාජෙ ශක්තිමත් කරගමු.
    ඒකට සේරටම කලින් ස්වාධිනව පුරස්න දිහා බලන්න පුලුවන්කම තියන්න ඕනෙ.පක්ෂ පිටිපස්සෙ ගාටලා ඒක කරන්න බැහැ.බලවත් කොරන්න ඕනෙ පක්ස නෙමේ.ප්‍රජාතන්ත්‍රවාදි ආයතන.අන්ධ විදිහට පක්ෂ පිටිපස්සෙ ගාටන් නැතිව ඒ වෙලාවෙ ඒ වැඩේ කරන්න සිද්ධ වෙන්නෙ කාටද උන්ට ව්වේචනාත්මකව සපෝට් කරමු.
    ඔන්න විකල්පෙ.
    නිකම්ම නිකම් මහින්ද ෆ්‍රේම් වෙනවට වඩා ඒ ෆ්‍රේම් එක හොදයි නේද නෝ ෆ්‍රේම්?

    ReplyDelete