Tuesday, December 29, 2009

මහින්ද රාජපක්ෂ මානව හිතවාදියා හා මනෝ ගනේසන් දේශද්‍රෝහියා


පුලා ඊලග මහ චන්දෙදි මනෝ ගනේසන්ට චන්දෙ දෙන එක ගැන සලකලා බලනව.
ඊයෙ පෙරේදා උන්නැහේ ටීවි චැනල් වල දේශපාලන වැඩසටහන් වලට ඇවිල්ල කතා කොරනව දැක්කම මේ පුලාට හිතුනෙ මේ මනුස්සය ගැන අපි හිතන් උන්න දේවල් මොන තරම් වැරදිද කියල.
අපේ මීඩියා පොරවල් හා මීඩියා පොරවල් විසින් පොරවල් කොරල තියන විරවංශ වගේ බොරු ටෝක් පොරවල් කියන දේවල් විතරක් හින්ද ඇහුනෙ පුලා හිතාගෙන උන්නෙ ගනේසන් උන්නැහෙ දඹ කොටියෙක් කියල.ප්‍රබාකරන්,බාලසිංහම්,තමිල්සෙල්වම් ගාවට මනෝ ගනේසන්ගෙ නම මතක් වෙන තරමට මේ කතාව කියලයි තිබ්බෙ.
ඒ හැම කතාවකම බොරුව ගනේසන් උන්නැහෙ පෙන්නල දුන්න විතරක් නෙමෙයි තමන් යුද්ධ කාලෙ හිටපු ස්ථාවරේට හේතුවත් උන්නැහෙ ලස්සනට පැහැදිලි කලා.

88 ඒ කාලෙ ආන්ඩුව ජේවිපි කොල්ලොයි ජේවීපි නොකරපු කොල්ලොයි සේරම උස්සගෙන යනකොට,නඩු විභාග නැතුව මරල දානකොට ඒකට කිව්වෙ මානව හිමිකම් කඩකිරීමක් කියල නෙව.ඒක එහෙම කිව්වෙ කවුද?ඒක එහෙම කියපු නායකයා තමයි අද ජනාධිපති.
මහින්ද උන්නැහෙ ආන්ඩුව කරන මානව හිමිකම් කඩකිරීම්ද මොකක්ද එක ගැන ලෝකෙ වටේ ගිහින් කිව්වා.පෙත්සම් ගැහුවා.ඒ එක පෙත්සමක් හදන්න තිස්සනායගම් කියල මහත්තයත් උදවු වෙලා තියෙනවා කියල පුලා අහල තියනවා.ජීනිවා වලටත් (ජාත්‍යන්තරේට!බුදු අම්මේ කුමන්ත්‍රනකාරයෝ ලගින මහගෙදර!)ගිහින් ඒ කාලේ මහින්ද උන්නැහෙ ලංකාවෙ තිබ්බ ආන්ඩුවට විරුද්ධව කතා කොරා.(රට පාවා දුන්නා?)

දැන් පහුගිය කාලෙත් සුදු වෑන් වලින් ඇවිත් දෙමල කොල්ලන්ව උස්සන සීන් එකක් තිබ්බ.මේ ගැන කොරපු හෙලිදරවුව හින්ද ගජනායක කියල හමුදා ඔෆිසර් කෙනෙක් හිරේ දාන්නත් උන හින්ද එහෙම ඒව උනේ නැහැ කියල කියන්න බැහැ.
අනික අගනගරෙ ඉන්න දෙමල අය දන්නව එහෙම සීන් තිබුනද නැද්ද කියල.
(දැන් මේක කියෙව්ව ගමන් දේශප්‍රේමය පිලිබද විශේෂඥ වෛද්‍ය මිගාර බොස් නලාව උස්සගෙන පිඹගෙන ඇවිත් පුලාගෙන් අහයි "තමුසෙ කොහොමද එහෙම කියන්නෙ?"කියල.අහිංසක දෙමල කොල්ලන්ව පැහැර ගෙන ගියාද නැද්ද,සාමාන්‍ය දෙමල මිනිස්සු බයෙන්ද හිටියෙ නැද්ද කියන එක ගැන දෙමල කෙනෙක් එක්කම කතාකරල බලන්න.දැන්ම උත්තර දුන්නෙ පැදුරු වගේ දිග කමෙන්ට් දදා ඉන්නවට වඩා ඒක හොද හින්ද)
කොහොමහරි ඒ කාලේ රිචඩ් ද සොයිසා මැරුව වගේ මේ කාලෙ ලසන්ත වික්‍රමතුංගලා මැරුවා.පෝද්දල ජයන්තලාගේ කකුල් කැඩුවා.
සිංහල කොල්ලන්ගෙ අයිතිවාසිකම් වලට කෙලවද්දි සිංහල නායකයෙක් උන මහින්ද රාජපක්ෂලා එදා කතා කලා වගේ දෙමල අහිංසකයන්ට හානි වෙනකොට දෙමල මහජන නියෝජිතයෙක් විදිහට තමනුත් කතාකල බවයි ගනේසන් උන්නැහෙ කියන්නෙ.

සිංහල කොල්ලො (ඒ කාලේ ආන්ඩුවේ අර්ථකතනෙට අනුව ත්‍රස්තවාදියො) පැහැරගෙන යද්දි ඒක ගැන ජාත්‍යන්තරේට කියන එක මානව හිතවාදය.
දෙමල කොල්ලො ( දැන් ආන්ඩුවේ අර්ථකතනෙට අනුව ත්‍රස්තවාදියො)පැහැරගෙන යද්දි ඒක ගැන ලෝකෙට ඇහෙන්න කියන එක දේශද්‍රෝහය!
ගනේසන් කියන විදිහට - පුලාටත් හිතෙන විදිහට - මේ දෙකම වැරදියි.කොලඹ ලොජ්වල ඉන්න දෙමල අය පැය විසිහතරක් ඇතුලත කොලඹින් පිටුවහල් කොරන්න මේ ආන්ඩුව නියෝග කලා.මේවා මානව අයිතින් කඩවීම් කියන එක ගැන කතා දෙකක් නැහැ.වැරදිලාවත් එදා කොලඹ ඉන්න සිංහල මිනිස්සුන්ට එහෙම පිටුවහල් කිරීමේ නියෝගයක් දුන්න නං?කොටි උතුරෙ මුස්ලිම් අයව එහෙම පිටුවහල් කොරපු එක මානව අයිතින් කඩකිරීමක් වගේම ආන්ඩුවේ අර තීන්දුවත් අම්බානක වැරදියි.

වැඩේ කියන්නෙ එදා සිංහල අය මරද්දි ඒක වැරදි වෙන්නත් මෙදා දෙමල අය මරද්දි ඒක හරි වෙන්නත් හේතුව මොකක්ද?
වැරැද්ද නං එදා කලත් එකයි අද කලත් එකයි නේද?
එකම සබ්ජෙක්ට් එක කතා කරපු මහින්ද මානව හිතවාදියා වෙන්නත් ගනේසන් දේශද්‍රෝහීයා වෙන්නත් හේතුව මොකක්ද?
එදා මැරුන අය සිංහලයො උන එකයි මෙදා මැරුන අය දෙමලු උන එකයි නේද මේ වෙනසට හේතුව?
අපේ බුවාලට මේ වික්ටිම්ස් ගැන කැක්කුමක් නැත්තෙ ඒ අය දෙමල හින්ද නේද?
සිංහල අයගෙ ඝාතන මානව හිමිකම් කඩවීම් වෙන්නත් දෙමල අයගේ ඝාතන නිකම්ම නිකම් "යුදධ කාලෙ වෙන නොවැලැක්විය හැකි සිදුවීම්" වෙන්නත් හේතුව මොකක්ද?
මේ විදිහට දෙමල අයගෙ දුකට කදුලට සෙන්සිටිව් නොවෙන එකට අපි කියන්න ඕනෙ මොකක්ද?
පුලස්තිගේ කටට එන වචනෙ නං ජාතිවාදය.
ඔයාලට හිතෙන වචනෙ මොකක්ද?
කරුනාකරල මට දන්වන්න.
ලිපිනය - පුලස්තිගෙඩිගේ ඇට් ජීමේල් ඩොට් කොම්
බුදු සරනයි!

- පුලස්ති

පලි-
දැන් ඊලගට හිතේ හැටියට මට බනින ගමං අරකට වචනයක් යෝජනා කිරීමේ අවස්ථාව මං දේශප්‍රේමය පිලිබද විශේෂඥ වෛද්‍ය මිගාර දොස්තර මහත්තයට ලබාදෙන්න කැමැතියි.

16 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. (ඉහත ප්‍රතිචාරයෙහි වැරදි ඇති බැවින් මකා දමා නව පිලිතුරක් ලිවීමට සිදුවිය)

    පුලස්තිට පොඩි බඩුවක් අමතක වෙලා. එදා මහින්ද මානව හිමිකම් වෙනුවෙන් කතා කළා‍ට, JVP ත්‍රස්තවාදීන්ගේ වේදිකා වලට නැගලා ඒ අයගේ "විප්ලවයට" සහය දෙන බව කිව්වද?

    හැබයි මනෝ ගනේෂන් මහත්තය නම් පොංගු තමිල් උත්සවයකදී කොටින්ගේ අරගලයට සහය දීල තියෙනවා. මේක රූපවාහිනියේ පචයක් / අතේ රෝලක් කියල හිතෙනව නම් අන්තර්ජාලය පරීක්ෂා කරල බලන්න.

    පොංගු තමිල් උළෙල

    ReplyDelete
  3. ඔය වීඩියෝ පටය බලන අතරේ තවත් පොඩි දේකුත් නිරීක්ෂණය කරන්න පුලස්ති ට ආරාධනා කරනවා. මනෝ ගනේෂන් මහත්තය කතා කරද්දි එතන තියෙන මයික් අතර ලංකාවේ රූපවාහිනී ආයතනයකට තියෙන්නේ සිරසේ News 1st විතරයි. ඔන්න ඔබතුමාගෙ සිරසේ හොඳ හොඳ සෙල්ලම්.

    ReplyDelete
  4. හරි මිගාර ඔයා කියන දේ ඇත්ත කියල කියමුකෝ. ඒක ප්‍රශ්නයක් නෙමෙයි.
    එතකොට ඔයා මේ පොස්ට් එකේ අනිත් දේවල් ගැන කතා නොකරන්නේ ඇයි.

    ReplyDelete
  5. දෙමළැ මිතුරන් රාශියක් ඉන්න (හිටපු???) කෙනෙක් විදිහට ම්ම හිතනවා මටත් සදාචාරාත්මක අයිතියක් තියෙනවා මේ ලිපියට පොඩි හරි කමෙන්ට් එකක් දාන්න . . .

    88-89 කාලේ ත්‍රිමා විතාරනලා ඔළුවට පරාල ඇණ ගහලා මරන කොට . . කොල්ලෝ කෙල්ලෝ 80,000?? ක් විතර මරන කොට යෞවනයෙක් වුනු මගේ ඇඟේ ත් ලේ රත්වුනා . . . ඒත් පසුව ට්‍රන්ස්ෆෝමර් පුච්චපු, ප්‍රේමකීර්ති ද අල්විස්, සාගරිකා ගෝමස්, බ්ලා බ්ලා බ්ලා . . . . . . මරපු . . මහජන දේපල විනාශකරපු කැරැල්ලක් ඒ විදිහට හරි මැඩ පවත්වපු එක එක අතකින් හොඳක් කියලා මට හිතුනා.

    දෙමළ ජාතික මිතුරු මිතුරියන් රාශියක් සිටි නමුත් (ඔවුන් මා සමඟ කතාබහේදී පැවසුවේ ඔවුන්ට වෙනමම රටක් අනවශ්‍ය බවත් අප සමඟ සුපුරුදු සෙනෙහසින් ජීවත් වීම පමනක් අවැසි බවත්) ඔවුන්ගේ නෑදෑයන් මිතුරුන් පොදුවේ මිනිසුන් රාශියක් මිය යාම දරාගත නොහැකි ශෝකයක් වුවත් විශාල ජනසංහාරයක් මහජන දේපල විනාශයක් කරමින් සිදු කල ත්‍රස්තවාදී කැරැල්ල කුමන අයුරකින්?? හෝ නිමා කිරීමේදී එය කල යුතුම කාරියක් ලෙස මටත් හැඟුනා.

    අප සැමට නිදහසේ සතුටින් සිටින්න . ..
    පොඩි චිට් එකකට බයේ කඩපේලියම වහලා හාල් ටිකක ගන්න විදිහක් නැතුව බඩ ගින්නේ ඉන්න වෙනේ නැති . . .
    බෝම්බ පුපුරයි කියලා බයේ ගැහි ගැහි බස් වල නොගිහින් සතුටින් හෙඩ්සෙට් එක කනේ ගහගෙන සිංදුවක් අහගෙන බස් එකේ යන්න . . .
    පොන්ගල් දාට කෑම පිඟානක් අරගෙන ගෙදරට එන දෙමළ සහෝදරියක් දකින්න . . .
    අවුරුදුදාට කැවුම් කිරිබත් පිඟානක් අරන දෙමළ මිතුරෙකුගේ ගෙදරට ගිහින් තේ එකක් බීල එන්න . ..

    මේ හීන හැබෑ කර ගන්න නම් ඔය කලින් සිදුවූ සිදුවීම් සියල්ලම සිදුවිය යුතුයි කියල හිතෙන මම "ජාතිවාදියෙක්ද" නැද්ද කියල මට නම් තාම හිතා ගන්න බෑ . . .

    මේ කමෙන්ට් එක ඔබේ ලිපියට නොගැලපෙනවා වගේ දැනෙනවානම් සමාවෙන්න . . .

    ReplyDelete
  6. @ vReader

    අතුරුදන් වෙච්ච අයගෙන් 80-90% විතර ආපහු ආවය කියල තමයි පොලීසියෙ ලොකු මහත්තුරු කිව්වෙ. ඒ අය පවුල් ප්‍රශ්ණ, ණය ප්‍රශ්න වගේ ඒවට තමා අතුරුදන් වෙලා තියෙන්නෙ. සමහරු හොරෙන් රට පැනලලු. ඒවත් අතුරුදන් ගොඩටම ලසන්ත මහත්තයා දැම්මනෙ. සමහර අතුරුදන් වීම් පාතාල කේස්. ඇත්තටම අතුරුදන් වෙච්ච අයත් ඉන්නවා. ඒ අය ගැන අනිවාර්යයයෙන්ම සෙවිය යුතුයි. නමුත් මනෝ ගනේෂන් පෙන්නන තරම් අතුරුදන් වීම් වෙලා නැති බව ඒ ගැන හොයන්න දාපු කොමිසම නම් කියනවා.

    vReader හදිසියේ මොකද මේ පැත්තෙ? මං හිතන්නෙ vReader ට තවත් නමක් තියෙනවා

    ReplyDelete
  7. "කොටි උතුරෙ මුස්ලිම් අයව එහෙම පිටුවහල් කොරපු එක මානව අයිතින් කඩකිරීමක් වගේම ආන්ඩුවේ අර තීන්දුවත් අම්බානක වැරදියි."

    මනෝ ගනේෂන් මහත්තය ඔය ගැන නම් ඉන්නෙ කටේ පිට්ටු හිර කරගෙන. දෙමළ කතා කරන ජනවර්ගයක් කියල මුලින්ම තමන්ගෙ ‍ගොඩට දාගෙන පස්සෙ ගහල පන්නද්දි මනෝගනේෂන් හිටියේ ඇස් පියාන. අදටත් ඒක වැරදියි කියල කියන්න මේ මහා මානව ප්‍රේමියාට බැරි වුණා. අවතැන් කදවුරු වල මාස 6ක් හිටපු දෙමළ ජනයාගේ මානව අයිතිවාසිකම් ගැන මනෝගනේෂන් පොළොවෙ හැපි හැපි අඩද්දි, අවුරුදු 19ක් පුත්තලමේ කදවුරු වල ගාල් කරලා හිටපු මුස්ලිම් ජනයා එයාට මතක් උණේම නැහැ. දැන් පට්ටන්දරේ එළිවෙද්දි, සරත් ෆොන්සේකා මහතා ජාතිවාදියෙක් බවට චෝදනා කළ මුත් දැන් අත් අල්ලාගෙන ඉන්න සිදුවෙලා තියෙන, මනෝගනේෂන් නම් මහා මානව ප්‍රේමියා දැන් ඉන්නේ ගලේ පැහැරූ බළලෙක් ලෙස නොහොත් කැ* කාපු රිළවෙක් ලෙසය.

    ReplyDelete
  8. @ මිගාර
    මහින්ද මහත්තයා මානව හිමිකම් කඩවෙන එක ගැන ජාත්යන්තරේට කිව්ව එක ගැන වචනයක්වත් කතා කරල නැහැ නෙව?ලිපියේ ප්රධාන තර්කය උනේ ඒකනේ.එදා මානව හිමිකම් ගැන ලෝකෙට කතාකොරපු රාජපක්ෂ උන්නැහෙ දේශප්රේමියා වෙන්නත් අද ඒකම කරන ගනේසන් දේසද්රෝහියා වෙන්නත් හේතුවනෙ ඇහුවෙ?ප්රධාන ආර්ගියුමන්ට් එක මග ඇරල සිරසයි වෙන වෙන ඒවයි ගැන කතාකරන්නේ මොකටෙයි?ඒකට උත්තර දීල පටන් ගමු නේද?

    ඔයාගෙ අනිත් කරුනු වලට උත්තර -
    -ගනේසන්ගෙ ඔය සිංහලෙන් ඩබ් කරල තියන වීඩියෝ ක්ලිප් එක ගැන තමයි එදා ජනහඩේදි උන්නැහෙ පැහැදිලි කොරේ.ඒ හඩකැවීම තනිකර වැරදි වගේම තමන් දෙමලෙන් කරපු සම්පූර්න කතාව යූ ටියුබ් එකේ තියනව ඒක බලන්න ඒකෙදි රට බෙදන කතාවක් තමන් කොහෙත්ම නොකිව්ව කියල උන්නැහෙ එදා කිව්ව.ආන්ඩුව තමුන් ඩබ් කොරපු එකක් අල්ලගෙන කෑ ගහනව විනා ගනේසන් කොටිය නං නීතියට අනුව චෝදනා කොරල හිරේ දාන්න පුලුවන් නෙව.නිකම් බොරුනේ බොස්.අනික පොංගුතමිල් වල කතාකලේ ගනේසන් විතරද?පොංගුතමින් ඕගනයිස් කොරපු අය අද කොහෙද ඉන්නෙ කියන්න බලන්න.කරුනා දයා මාස්ටර් ජෝජ් මාස්ටර් කේපී?හැම පොංගුතමිල් එකකම නොවරදවා ටෝක් කරපු චන්ද්රසේකරන්?(කාලයක් උන්නැහෙව කදුකරයේ ප්රභාකරන් කියලත් හදුන්වල තිබ්බලු)ගනේසන්ට කොටියා කියන්නෙ බොස් අද උන්නැහෙ රාජපක්ෂගෙ කකුල් ලෙවකන් නැති හින්ද.ඕකයි ඇත්ත.කොටි එක්ක බුදියපු කොටි නායකයො උන එවුන් ඉන්නව ඔබතුමාගෙම දේශප්රේමී "දූෂිත" ආන්ඩුවේ ( හෙල උරුමෙට අනුව).ආන්ඩුවෙ වාහනවලටයි ඇමතිකම් වලටයි සැපවලටයි ආත්මය පාවල දුන්න කරුනල වගේ ගනේසනුත් හෙට ආන්ඩුවට ආවොත් තමුන්නැහෙ උන්නැහෙගෙ "කොටිකම" ගැන කතාකරනවද?ඕව තමුන්ගෙ වාසියට හදපු කතා.
    - මං සිරසේ ජොබ් එක කරන ඒකේ නියෝජිතයෙක් නොවන හින්ද ඒක ගැන කතාකොරන එක මට අදාල නැහැ.අනේ සටන්විරාම කාලේ හැබැයි ජාතික එක අයි ටී එන් එක ස්වර්නවාහිනි එක කොටින්ට පලු යන්න බැන්න නේද?පවු!ප්රභාකරන්ගෙ ආදර කතාව ටෙලියක්විදිහට දැම්මෙත් ඔය දේශප්රේමී ජාතික රූපවාහිනියෙන් කියල අපේ වයිෆ් කියනව.
    - මුස්ලිම් අය පන්නපු එක ගැන ගනේසන්ගෙ අදහස පුලා දන්නෙ නැහැ.හැබැයි පුලා නං බය නැතුව ඒක මානව අයිතින් කඩකිරීමක් කියල කියනව.දැන් කියමු බලන්න ඒ වගේ කොලඹ්න් දෙමල අය පන්නපු එක මානව හිමිකම් කඩකිරීමක්ය කියල මිගාර පිලිගන්නවද?

    @ දුකා
    මේකනෙ දුකා.යුද්දෙ කියන්නෙ හෙන අමිහිරි දෙයක් නෙව.ඒක කොහොම හරි අහවර උන එකේ නං අවුලක් නැහැ.හැබැයි ඒ සීන් එකේදී කවුරු හරි කැත වැඩ කලා නං ඒක කැතයි කියල කියන්න පුලුවන් වෙන්න ඕනෙ නේද?
    88 ගැන මගේ රීඩිං එක ටිකක් වෙනස්.ඒ කොහොම හරි 88 බටලන්ද සූරියකන්ද ඇඹිලිපිටිය ලමයින්ගෙ සීන් එක අහිංසක ගෑනු ලමයින්ව උස්සන් ගිහින් දූසනය කරල යෝනි මාර්ගයට බෝතල් හිර කරල මරපු එක-මේව මොන පක්සෙ එකෙක් උනත් අනුමත කරන් නැහැනේ?
    දෙමල අයට විරුද්දවත් එහෙම අපරාධ පහුගිය කාලෙ උනා.උනේ නැහැ කියල හිතහදාගන්න එක ලේසියි.ඒත් යථාර්තෙ ඊට වඩා වෙනස් නෙව.ඒ අපරාධ ගැන කතා කරන්න ඕනෙ ඇයි?
    1.යුද්දෙ මාර ආතල් සීන් එකක් කියල අදහගෙන ඉන්න බුවාලගේ ෆැන්ටසි පුපුරුවල මේකෙ ඛේදවාචකේ තේරුම් ගන්නන්න.
    2.ආයි ඒවගේ ඒව වෙන එක වලක්වන්න.
    3.අපරාධ වලට සම්බන්ධ වුන අය සුදු රෙදි ඇදගෙන රජවරු වගේ වැජඹෙන එක වලක්වලා ඒක එලිදරවු කරන්න.

    ReplyDelete
  9. ඔයාලා කියන මේ දේවල් වෙද්දි මම ඉපදිලා නෑනෙ!!

    ReplyDelete
  10. ගනේසන් මේක කිව්වම මහින්දානන්ද කිව්වෙ මොකද්ද? එදා තත්වෙයි අද තත්වෙයි වෙනස්ලු..හැබැයි එතුමට අමතක වුනා එදත් වුනේ අසාධාරණ විදිහට මානව හිමිකම් කඩවුණු 1.අද වෙන්නෙත් ඒක.
    හැබැයි පුලෝ එදයි අදයි වචන භාවිතේ වෙනස්...එදා ඇත්ත වෙනුවෙන් කථාකළාම ඒක උඹ කියනව වගේම මානව හිතවාදී බව...හැබැයි අද සිංහලේ මානව හිතවාදී බව කියන්නේ පොඩ්ඩක් (නෝන්ඩි නැතුව) ආණ්ඩුවට කඩේ ගිහිල්ල ඇත්ත වහං කරන එක...ඒක නිසා දෙමළ අයගෙ දුකට සෙන්සිටිව් නොවීම ගැන අද සිංහලේ තියෙන හරිම වචනෙ තමයි දේශප්‍රේමීත්වය

    ReplyDelete
  11. පුලා යමක් කෙනෙකුට පැහැදිලි කරලා දෙද්දි එකෙනාගෙ හිත වැඩ කරන විදිය ගැන සිතන්න ඔනා. මම UNP,JVP නම් නෙමෙ. ITN,SIRASA,Rupawahini මෙ හැම එකෙම News බලනවා, වැඩසටහන් බලනවා මම. බොහො කරුණු කාරනා මිනිස්සු දැනගතයුතු දෙවල් මිනිස්සුන්ට නිරාවරනය වෙන්නෙ නැහැ. මිනිස්සුන්ව අන්ධ කරලා හැමදාම මෙ කරගෙන යන වංචාව හැමොටම කරන්න බැහැ. කිසිම කෙනෙක් තමන් උපන් රටට ද්‍රොහි වෙන්නෙ නැහැ. මහින්ද රාජපක්ෂවත්, ජෙනරල්වත්, රනිල්වත්, විමල් විරවංශවත්. මෙ හැමොම තමුන්ගෙ වාසිය තකා මිනිස්සුන්ගෙ හැගිම් අවුස්සලා තමුන්ගෙ ගෙම ගහනවා.

    යුද්දය හා ජෙනරල් සම්බන්ධයෙන් මම මහින්ද හා එයාගෙ ගොලයින්ගෙ වැඩ වලට විරුද්දයි.

    මහින්ද අත්සන විතරයි. ජෙනරල් ගෙ කැපකිරිම් එයට වඩා අතිවිශාලයි.

    නමුත් මෙ රාජ්‍ය මාධ්‍ය කරනදෙ විශාල රටට ද්‍රොහිවිමක්. රට වැසියන් නොමග යැවිම. මිනිසුන්ගෙ මානව අයිතිවාසිකම් ගැන කතාකරලා වැඩක් නැහැ. මිනිස්සුන්ගෙ මැදිහත් බවක් නැතිඋනාම එ මිනිස්සු අන්ධ වෙනවා. හරි වැරැද්ද පෙන්නෙ නැහැ. තමුන්ට එරෙහි වන ඔනැම කෙනෙක්ව අනිත් පිරිස සමග ගැටෙන පාරවල් වහනවා.

    මිනිස්සු හැමදාම කරෙ හිගාකාකා හොරක්ම් කරපු එක විතරයි. රජයෙ ආයතනවල ඉහල තැන්වල ඉන්න හොරුටික එලවන්න ටික ක්‍රමයක් කල්පනා කරපල්ලා. නැත්තම් මහින්ද නෙමෙ ශ්ක්‍රයා ආවත් මුන් ටික එහාට මෙහාට පැන පැන මිනිස්සුන්ගෙ සල්ලි හොරකම් කර කර මුන්ගෙ ගෙම ගහගෙන යනවා. උබලා හැමදාම එක එකාගෙ අඩු කිය කියා රංඩු වෙනවා. උන් උන් හම්බ කරගෙන කරවල් වලට අත දාගෙන රටින් යනවා.

    නූගත්, අසික්කිත, මහත්මා ගතිගුණයන්ගෙන් තොර හොරුන්ට අවුරුදු ගණනාවක් දෙශපාලනයෙ ඉන්න දුන්නු රට වැසියන් එ දෙ විදගත්තු දෙන් උබලා එකිනෙකා සමග වාද බයිලා ගසන්නෙ නැතුව ගිහිල්ලා තමුන් හරි කියලා හිතෙන කෙනාට ඡන්දෙ දිපල්ලා.

    ReplyDelete
  12. හලෝ මිගාර,
    ඇයි මට මේ පැත්තේ එන්න තහනම්ද
    ඕන්න ඔන්න ඔයාගේ අර කැලෑ ගතිය පෙන්නනවා. මිගාර කියන නම වගේම vReader කියන නමත් ඉතිං අන්වර්ථ නමක් තමයි. ඇයි ඔයාට ඒක ප්‍රශ්නයක්ද? අනුන්ගේ නම් ගම් වාසගම් හොයන් නැතුව අදාල දේ විතරක් කතා කරනවද

    කොහොම හරි කොච්චර ගානක් හරි අතුරුදන් වෙලා තියෙනවානේ නේද? ඔයාට පොලිසීය කියන දේවල් ඔච්චර විශ්වාස උනාට අපට එහෙම විශ්වාසයක් නෑ හොඳේ. හොරාගේ බොඩිගාඩ්ලගෙන් පේන අහන්නෙ මොකටද
    නේද?

    ReplyDelete
  13. @ vReader

    ඒ කියන්නෙ පොලිසියට වඩා මනෝ ගනේෂන් විශ්වාසයි කියන එකද? පොපිසියට වඩා Daily Mirror විශ්වාසයි කියන එකද?

    ReplyDelete
  14. ආයේ ලොක්ක නැට්ට පාගගෙනනේ.
    ඔය කොහේ හරි මං කියලා තියෙනවද, මට පොලිසියට වඩා ගනේෂන්ව ෂුවර් කියල. නෑනේ.

    ඔයා හදන්නේ අර එදා (රාමචන්දුගේ අඩවියේ) වගේම කතාවෙන් ටික ටික ලිස්සල ගිහින් දැක්කේ නෑ වගේ ඉන්න නේ?
    ලැජ්ජයි ඕයි. මිගාර වගේ පත සිංහල දේශපේමියෙක් ඒ වගේ නොන්ඩි වැඩ කරන එක.
    කමක නෑ ඕයි. කමක් නෑ.
    දැන්වත් මෙකේ තියෙන අනික් කාරණා ගැන කතා කරනවකො.

    ReplyDelete
  15. "කොහොම හරි කොච්චර ගානක් හරි අතුරුදන් වෙලා තියෙනවානේ නේද?"

    පොඩ්ඩක් සටහන කියවලා බලන්න. ඒ ගැන සෙවිය යුතු බව තමයි කියල තියෙන්නේ. පෑගිච්ච නැට්ට අරන් උස තැනකින් තියා ගන්න

    [quote]ඇත්තටම අතුරුදන් වෙච්ච අයත් ඉන්නවා. ඒ අය ගැන අනිවාර්යයයෙන්ම සෙවිය යුතුයි[unquote]


    "ඔයාට පොලිසීය කියන දේවල් ඔච්චර විශ්වාස උනාට අපට එහෙම විශ්වාසයක් නෑ"

    එතකොට කවුද විශ්වාස? නොකියා කියන්නේ විශ්වාස නැත්තේ පොලිසිය විතරයි කියලනෙ? එහෙම කිවුවෙ නැත්නම් විශ්වාස කවුද කියල කියන්න බලන්න

    "හොරාගේ බොඩිගාඩ්ලගෙන් පේන අහන්නෙ මොකටද"

    ඕක මනෝ ගනේෂන් ගැන නොපෙනෙන එක තමයි කරුමෙ. කොටියගෙ මල්ලිගෙන් අහනවා අතුරුදන් වුනේ කවුද කියල. ඊට පස්සෙ අහනවා ලංකාවෙ මානව හිමිකම් තියෙනවද කියල. ඒක නොපෙනී මේක විතරක් පේන්නේ බුද්ධිමය මජර කම නැත්නම් දිව දෙකේ ගතිය නිසාම තමයි.

    අනික් ඒවට උත්තර මෙතන දීල ඇති.

    ReplyDelete
  16. අප සැමට නිදහසේ සතුටින් සිටින්න . .. දෙමල අයට විරුද්දවත් එහෙම අපරාධ පහුගිය කාලෙ උනා.උනේ නැහැ කියල හිතහදාගන්න එක ලේසියි.ඒත් යථාර්තෙ ඊට වඩා වෙනස්..

    Any Song Free Download...100% FREE
    English Songs, Sinhala Songs,Hindi Songs, Audio Songs, Video Songs,Rock, Hip-Hop,
    Audio, Pop, Rap, RNB,Classic, Reggie, Techno, Vocal, Blues, Jazz, Remix



    Sinhala Music Videos, Online Watch, Download Free,New songs, Free download,
    Sinhala songs, music albums, Online watch videos ,Sinhala Music ,Sinhala videos,
    Sinhala song download

    ReplyDelete